677717163024268_677717196357598 Gentlemens Zone: පට්ට කෑල්ලක් සෙට් කරගන්නා ආකාරය

Wednesday, June 26, 2019

පට්ට කෑල්ලක් සෙට් කරගන්නා ආකාරය

පට්ට කෑල්ලක් සෙට් කරගන්නා ආකාරය



පට්ට කෑල්ලක් සෙට් කරගැනීමට දැනට බාවිතයේ පවතින වඩාත්ම සාර්ථක හා ජනප්රියම ක්රමය "වර්නපාල තියරිය"යි. වසර ගණනාවක් පුරා අසරණයින් ගොඩ දැමීමට මහඟු සේවයක් ඉටුකරන "වර්නපාල තියරිය"ට හසු නොවන පොළවට වඩා අඩි දෙකක් තුනක් උඩින් යාත්රා කරන පට්ට කෑලි වට්ටවා ගැනීමට නවතම තියරියක් හදුන්වා දෙන්නයි මම අද සුදානම් වන්නෙ. දැනට මෙම ක්රමය "මෛත්රීපාල" තියරිය කියලා කියමු.
වර්නපාල තියරිය වගේ මේ ක්රමය වන් මෑන් ශෝ එකක් නොවන අතර ඒ සඳහා අපාය සහයක පාප මිතුරු සමූහයේ අනුග්රහය ලබාගන්න.
ඔබගේ පහසුවට මේ ක්රමය පියවර තුනකට කඩා වෙන් කරලා තියෙන්නෙ නැත්තන් උඹලා පටලවගන්නවා, දැන් යමු පළවෙනි පියවරට...
 පළවෙනි පියවර
ඔබටත් වඩා හිපාටු look එකක් තිබෙන බොක්කෙ යාළුවෝ 3, 4 දෙනෙක් සෙට්කරගන්න. ඔබ වාසනාවන්තනම් දැනටමත් ඔබගේ සෙට් එකේ එවැනි හිපාටුවන් සිටිය හැකි අතර එසේ නොමැතිනම් අලුතෙන් එවුන් හොයාගන්න. යාළුවෝ තෝරාගැනීමේදි එළ බොක්කවල් පමණක් සෙට් කරගැනීමට වගබලා ගන්න, චීත්ත ටයිප් එවුන් සෙට් කරගෙනනම් පස්සෙ අඬාගෙන එන්න එපා පයින් ගහලා එළවන්නෙ පයින්. කොහොමත් චීත්ත ඩයල් මේ වැඩේට නෙවෙයි කිසිම මඟුලකට සෙට් කරගන්නෙ නැත්තන්ම් තමයි හොඳ.

 දෙවන පියවර
ඔවුන්ගේ හිපාටු look එක අනුව ඔවුන්ව අකාරාදි පිළිවෙලට පෙළගස්ස්වන්න ටිකක් හිපාටුවාගේ සිට උපන්ගෙයි හිපාටුවා දක්වා පිළිවෙලට පෝලිමක් ගහන්න.
සැ.යු: පිළිවෙල වරද්දගැනීමෙන් කෑල්ල යාළුවෙකුට දී දත නියවා බලාසිටීමට උව ඉඩ ඇත.
 තුන්වන හා අවසාන පියවර
දැන් පිළිවෙලින් අඩුම හිපාටුවාගේ සිට වැඩිම හිපාටුවා දක්වා එක එකා අර පට්ට කෑල්ලගෙන් 'ආස්ක් අවුට්' කරන්න යවන්න.
මෙසේ පිළිවලින් හිපාටු ඩයල් කෙල්ලගෙන් අහගෙන යද්දි කෙල්ල මුලින්ම ටිකක් තුශ්නිම්භූත වෙයි මේ මොකක්ද මේ වෙන්නෙ කියලා. ඇයි යකෝ අහන්නෙම එලොවටත් නැති මෙලොවටත් නැති එවුන්. උනුත් මුලින් අහන එකාට වඩා ඊළඟට අහන එකා කැතයි. ඊට පස්සෙ එන එකා ඊට හපන්. දැන් කෙල්ල කල්පනා කරනවා ඒකිගෙත් මොකක්හරි අඩුපාඩුවක් ඇති, ගෙදර ගිහින් කණ්නාඩිය ඉස්සරහට වෙලා කල්පනා කරයි මොනවද අඩු කියලා, ඔහොම එකා දෙන්නා අහද්දි කෙල්ලට තේරෙනවා මෙහෙම ගියොත් අන්තිමට දික්තලාට ගියකල තමයි යන්නෙ කියලා. ඔන්න දැන් කෙල්ලගේ රැස් බහිනවා. මුහුණත් වෙනදට වඩා අඳුරු මළානික පාට වෙලා. දැන් අන්තිම එකා යවපන්. ඊළඟ දවස වෙද්දි කෙල්ල පොළවට බැහැලා තියෙයි, උඹ නිකන් පනාව දාලා බලපන් හක්කෙ දතුත් පෙන්න හිනා වෙලා ඇඹරෙයි. ඔන්න පුතා උඹේ චාන්ස් එක, උඹ උඹට පුලුවන් තරම් පිළිවෙලට ලැස්තිවෙලා සැලුන් එකක් පැත්තෙ ගිහින් එහෙම පොඩි මේක් ඕවර් එකක් කරගෙන ඔය අන්තිමට චන්ද්රිකා ජනාධිපති කාලේ පීරපු කොණ්ඩේ ආයිත් පීරගෙන ගිහින් කෙල්ලගෙන අහපන්.

උඹට කෑල්ල සෙට් වේවා කියා බොක්කෙන්ම සුබ පතනවා. 😊
* කෑල්ලගේ තාත්තගෙන්, අයියගෙන්, කොල්ලගෙන්, කොල්ලා කියලා හිතන් ඉන්න එවුන්ගෙන් ප්රවේසම් වන්න.

No comments:

Post a Comment