677717163024268_677717196357598 Gentlemens Zone: ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු (පස්වන පාඩම)

Saturday, August 3, 2019

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු (පස්වන පාඩම)

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු!
======================

සැබෑ පිරිමින් කාන්තාවන් සම්බන්ධයෙන් තබාගත යුතු ප්රතිපත්ති
=================================
පලවෙනි අනු මාතෘකාව
ගණිකාවන් සහ මසාජ් ස්පා
======================
ජීවිතේ කිසිම දවසක ගණිකාවක් සමග ඇසුරක් පවත්වන්නෙ නෑ කියන දැඩි අදිටන කොල්ලෙක් වුණාම තියාගන්න ඕනෙ. මොකද උඹලට බඩු පස්සෙ යන්න ඕනෙ නෑ. කිසිම උවමනාවක් නෑ. තේරුණාද? හේතුව තමයි ඔයාලා තමන්ගෙ ගුරුවරයා ගිය අඩිපාරෙ යන කීකරු අනුගාමිකයන් වීම සහ ඩීසන්ට් කොල්ලෙක්ට බඩුවක් අවශ්ය නොවීම. 😊
මේ කියන්න යන්නෙ අමතුම කතාවක්. මේක අහලා සමහරු මගේ ගැන වැරදියට හිතයි. හැබැයි මට අදාලම නෑ.. 🤣🤣 මොකද මම මේක කියන්නෙ උන්ට නෙවෙයි මගේ උන්ට ඒ කියන්නෙ උඹලට. 
උඹලා දන්නවනෙ මම ජීවිතේ නානාප්රකාර ප්රශ්ණ මැද්දෙ ආපු මිනිහෙක් කියලා. ඉතිං 2012 කාලෙ ඉදන් මට පොඩි පෞද්ගලික ගැටලුවක් තිබ්බා. ඒ තමයි කොන්ඩෙ යන එක. ඉස්සර ඉස්කොලේ යන කාලෙ මට තිබ්බෙ ස්ට්රේට් ලස්සන කොන්ඩයක්. ඒත් මම බයික් එකෙන් ක්ලාස් වලට යන්න ගත්ත කාලෙ ඉදන් මගේ කොන්ඩෙ ටික ටික යන්න ගත්තා. මට මතකයි මගේ කෙල්ල දවසක් මුලින්ම ඇහුවෙ " ඔයාගෙ කොන්ඩෙ යනවද කියලා. 😣
මෙහෙම කොන්ඩෙ තුනී වෙද්දි මම තීරණය කරනවා මේ සම්බන්ධයෙන් ප්රතිකාර ගන්න. මම විශේෂඥවරයෙක් මුණගැහිලා Minoxidil 2 කියන බෙහෙත ගන්නවා. ඒක ඇත්තටම හොදයි. මට තිබ්බෙ 60% පිරිමින්ට තියන Male Pattern Boldness තත්වයක්. ඒක ආරෙට, පරිසර තත්වයන්ට සහ මානසික ආතතියට එන්න පුලුවන්. මට මොකක්ද කියලා මුල ඉදන් කියවපු අය දන්නවනෙ. හරි Minoxidil කියන්නෙ බොන බෙහෙතක් නෙවෙයි. දියරයක්. හිසට ගල්වන. ඊට පස්සෙ මට අමතර වෛද්ය උපදෙසක් විදියට ලැබෙනවා මේක ඔලුවට දාන අතර සති දෙකකට වරක් වත් ඔලුවට මසාජ් එකක් කරන්න කියලා. මේ වෙද්දි මම අද වගේම තනියම ජීවිතේ ගෙව්ව නිසා ඔලුව අතගාගන්න කෙනෙක් නෑ. ඒ නිසා මම කල්පනා කලා මොකක්ද කරන්නෙ කියලා.
මම කලුතර ඉදන් කුරුණෑගල ක්ලාස් කරන්න යද්දි අතර මග ගල්කිස්ස පැත්තෙ සහ කඩවත කිරිබත්ගොඩ පැත්තෙ පාර අයිනෙ ආයුර්වේද වෛද්ය මධ්යාස්ථාන තියනවා දැකලා තියනවා ගොඩක්. සම්බාහනය කියලා බෝඩ් තියනවා. මම ඒවට ගිහිං නෑ ජීවිතේට ඒ වෙද්දි මට යන්තම් 22 යි. ලොකු අත්දැකීමක් නෑ සමාජය ගැන. මම ක්ලාස් එකක් කරලා හවස ගෙදර එන අතර ගල්කිස්සෙන් බැස්සා. මැලිබන් හන්දියෙ තියනවා ස්පා. පොඩ්ඩක් පාරෙන් ඇතුලෙ තැනකට ගිහිං මගේ අවශ්යතාව කිව්වා. එතනදි ඩොක්ටර් කෙනෙක් මාව පරික්ෂා කරලා හිස සම්බාහනයකට යොමු කරනවා. එලියට ආවම මට කියනවා කැමති ගෑණු ලමෙක් තෝරගන්න කියලා. මම කෙනෙක් පෙන්නලා එයාව ගන්නවා. මෙතනදි මට ප්රශ්ණයක් ඇයි තෝරාගන්න දුන්නෙ කියලා.
මම හවස දාඩිය පිටින් එන විත්තිය දන්න නිසා එදා සූදානම් වෙලා ආවෙ සබන් කැටයක් එක්ක මගේ ටවල් එක බෑග් එකේ දාගෙන. මම එතනට ගියාට පස්සෙ වොශ් එකක් දාගන්න කියලා ඒ ලමයා මට වොශ් රූම් එක පෙන්නලා සබන් සහ ටවල් එකක් දුන්නා. මම ගෙනාව කියලා ඒක ප්රතික්ෂේප කලා. වොශ් එකක් දාගෙන මම ඇවිත් ඇදුම් ඇදගන්න සූදානම් වෙද්දි මේ කෙල්ල ආවා රූම් එකට.
සිනා සෙමින්,
" ඇයි සර් මේ... ට්රීට්මන්ට් ගන්නෙ නැද්ද?
නෑ ගන්නවා. ඉන්නකො.
"ඉතිං ඇයි ඇදුම් අදින්නෙ." ම්
ඔලුව මසාජ් කරන්නෙ ආවෙ. ඇදුම් ගලවන්න ඕනෙ නෑනෙ නංගි.
නෑ නෑ සර්. කොන්ඩෙ එහෙම වැටෙයිනෙ. අනික බෙඩ් එකේ ඉද්දි ඇදුම් පොඩි වෙනවනෙ. සර් ඔහොම ඉන්න. කමක් නෑ
😊
හරි. නංගි.
කෙල්ල වැඩේ පටන් ගත්තා. මම ඒ අතර එයා එක්ක සාමාන්ය විදියට කතාකලා. මගේ කොන්ඩෙ යන කේස් එක කිව්වා.
සර් මෙතනට එන්නෙනම් සර්ලා වගේ අය නෙවෙයි. එයාලා බලාපොරොත්තු වෙන්නෙ අපෙන් වෙනම දෙයක්. අපි ඒක දෙනවා එයාලට.
සර් ශේක් එකක් ගන්නවද?
මම ඒ මොකක්ද? 😣 මට අවශ්ය නෑ නංගි. ඔයා වැඩේ කරන්නකො.
" අයියෝ සර්. අපිට මේකෙ පඩියක් නෑ. කමිශන් තියෙන්නෙ. සර් දෙන ටිප් එකක් තමයි.
මොකක්ද ටිප් එක?
සර් අපි කස්ටමර්ට අවශ්ය දේ දුන්නම අපිට කස්ටමර් සල්ලි දෙනවා. දැන් සර්.මට සල්ලි දෙන්නෙ නෑනෙ. 😪
නෑනෑ මං දෙන්නම් ඔයාට සල්ලි. ඔයා හොදට ඔලුව අතගාන්නකො දරුවො.
ඒ මං.
ඔයා ඇයි මෙහෙම තැනකට ආවෙ?
ඒක දිග කතාවක් සර්.. මේ ඉන්නෙ මගේ බෝයි. එයා දන්නෙ නෑ මම මේ රස්සාව කරනවා කියලා. අපේ ගෙදර ඉඩම උකසට තියලා සර්.. තාත්තා ලෙඩ ඇදේ.. නංගියි මල්ලියි තාම ඉගෙන ගන්නවා. අම්මා කුලී වැඩ කරලයි අපිව උස් මහත් කරන්නෙ.
මම ඉස්සෙලාම කොළඹ ආවෙ ගාමන්ට්. ඒකෙ පඩියෙන් හැරෙන්නවත් මදි. පස්සෙ යාලුවෙක් තමයි මේක ගැන කිව්වෙ. මෙතන මම දවසට හොද කමිශන් එකක් ගන්නවා. ටිප් එකත් ලැබෙනවා.
මම සියල්ල ඇගෙන් අහගත්තා.
සර් සල්ලි එපා. මම ශේක් එකක් දෙන්නද?
😏
එ එපා. ඇයි සර් මේ වෙව්ලන්නෙ?
ඇත්තටම මම එදා වෙව්ලුවා. පිටස්තර කෙල්ලෙක් ඉස්සරහ නිරුවතින් සිටි පලවෙනි දිනය. ඊට වඩා ඒ ගෑනි මං ඇදන් හිටි ටවල් එක ඇදලා ගැලෙව්වා. ජීවිතේ පලවෙනි වතාවට මූණ දෙන මේ අත්දැකීමෙන් මට අවශ්ය වුණේ සමාජෙ එක් අදුරු පැතිකඩක් ගැන දැනගන්න. ගම් වල අහිංසක කෙල්ලො කොළඹ ඇවිත් ස්පා වල, නයිට් ක්ලබ් වල ජීවිතේ දිය කරගන්නෙ හරිම දුක්ඛිත විදියට. සවන් දුන්නොත් ඒ අයටත් සංවේදී කතා තියනව. ඒත් එයාල කවදාවත් ඇත්ත කියනවා කියලා විශ්වාස කරන්න එපා. මොකද මේ කෙල්ල මගේ එක්ක කතා කරපු විදියට මට දුකක් හිතුනා. ඒත් යද්දි හැසිරිම අනුව මම තීරණය කලා කවදාවත් මේ අය හදන්න බෑ. එයාලා ඒ රස්සාවට ලොල් වෙලා.මිදෙන්න බෑ.. අතපය හරියට තිබ්බත් ආත්මය ලේසියෙන් විකුණන්න යොමු වෙලා. හරිම දුකයි. පව් උන්ගෙ කොල්ලො.
මේ තැන් වලට එන විවිධාකාර මිනිස්සු අතර එන විවිධාකාර විකෘති ආශාවන් වලට ලොල් මිනිස්සුන්ට අවශ්ය සේවා සපයලා මුදල් හම්බ කරන එක විතරයි මෙ අයගෙ අරමුණ. හොද කෙල්ලො ඇති.
ඒත් ශුවර් නෑ. මම නම් ආයෙ දිවි ඇති තුරා ස්පා යන්නෙ නෑ කියල තීරණය කරලා ආවෙ හේතු කීපයක් නිසා.
වොශ් රූම් අපිරිසිදු බව. අපි දන්නෙ නෑ මොන ලෙඩ තියන මොකා පාවිච්චි කලාද කියලා.
පාවිච්චි කරන්න දෙන ටවල් තම්බනවද හෝදනවද දන්නෙ නෑ. මොක්කු පාවිච්චි කරලද දන්නෙ නෑ. සමහර විට ඔයාට කලින් රෑශ් එකක් තියන කෙනෙක් පිසලා වෙන්න පුලුවන්. 😣
මේවයෙ ඉන්න කෙල්ලො කී දෙනෙක්ගෙ අතගාලා ද අපි දන්නෙ නෑ. අත සෝදලා පිරිසිදුව ඉන්නවද ශුවර් නෑ. ලෙඩක් තියන එකෙක්ගෙ අල්ලලා උබේ ඇල්ලුවා කියන්නෙ හරි. අත් කියන්නෙ සියුම් තුවාල තියනවා. ඒකනෙ අතට සර්ජිකල් දැම්මම දන්නෙ. ලිංගික අවයවත් එහෙමයි. ඉතිං මොනන් හිගන්නගෙ අල්ලලා ආවද කවුද දන්නෙ.
මෙම ස්ථන වල රුපියල් 3000-5000 දීලා කෙල්ලො එක්ක ලිංගික කටයුතු කරගන්න පුලුවන්. සමහරු ෆෝන් නම්බරේ දීලා පිටට අරං යනවා. ඕකුන්ට මොන ලෙඩද දන්නෙ කවුද?
කවදාවත් මේ කෙල්ලො සිය කැමැත්ත ඇතුව උඹ එක්ක ඉන්නෙ නෑ. උඹට දෙයක් දෙන්නෙ නෑ. ඒක තනිකර බිස්නස් එකක්, ගණුදෙනුවක්. ආදරයක් නැතුව ගණුදෙනුවක් එක්ක ලිංගිකත්වය අලෙවිකරණය කරන තැනක කෝ අවංක ආදරය හෝ පිරිසිදු හැගීම.? මම නම් පෞද්ගලිකව ඒකට කැමති නෑ..
පිරිමියෙක් ගෑණියෙක් එක්ක ඉන්න ඕනෙ ඒ ගෑණිගෙ පූර්ණ අවසර සහ කැමැත්ත සහිතව. නැත්තම් ඒකෙ රහක් නෑ..
මොහොතක සුවදෙන චන්චල ලෝකයෙ රූපිකාවන් එක්ක ඇමිනෙන්න ගිහිං ජීවිතේ අදුරු කරගන්නවට හොද නැද්ද හොද අහිංසක කෙල්ලෙක් හොයං ඒකිට කියලා ආදරෙන් ඔය දේවල් සීමවක් එක්ක කර ගන්න එක.
ඒ නිසා කවදාවත් ස්පා වලට යන්න හිතන්න එපා උඹලා. 
ගණිකාවන් ඇසුරු කරන්න එපා. 
ජීවිතේ බොහොම සුන්දර දෙයක්, මුදලට මානසික රෝගීන් තෘප්තිමත් කරන කාන්තාවන්ගෙ උගුල්වලට හසු වෙන්න එපා. උඹලා එච්චර දුර්වල නෑ. හිතපං උඹේ කෙල්ල පව්. ගෑණු ලමයි පව්. කොහොවත් යන වේසාවියෙක්ට කියලා හොල්ලන් ඒකිට 1000/= දෙන්නෙ නැතුව කෙල්ලට ඇදුමක්, චොකලට් එකක් අරං දීපං. ගෙදරට දෙයක් අරං පලයං. මම දන්නවා මේක තුල එහෙම කොල්ලො නෑ.
මම ලියන සමහර දේවල් එක්ක උඹලා හිතන්න ඇති සර් නියම බඩුකාරය කියලා. පිස්සුද බං. මම විහිලුවට වත් බඩුවක් ආශ්රය කරලා නෑ. මොකද මම බයයි ලෙඩට. කොච්චර ආරක්ෂාව තිබ්බත් මම ආස නෑ මිනිස්සු එක එකා එක්ක වල බැස්ස ජරා ගොඩකට බහින්න. ඊයා යකෝ.. 😁😅😅
ඕක තනියම කරගනිංකො. 😏
අම්මෝ මේ කෙල්ලන්ගෙ මූණු ටික. රතු වෙලා.. හරින්හරි ලැජ්ජ වෙන්න එපා. ඕවා ලෝකෙ සිද්ධ වෙන දේවල්. ඔයාලගෙ කොල්ලන්ට මේවා කියලා දෙන්න. මගේ ලගට එක්කන් එන්න. ජරා ගෑනු පස්සෙ යන්න දෙන්න එපා. කොච්චර බාවනා කරන් ඉන්න එකා වුණත් හොරාට මේ වගේ වැඩ කරනව වෙන්න පුලුවන්. ඌට මේකෙ ආදීනව කියා දීලා බය කරලා, ජීවිතේ අවබෝධයක් ලබා දෙන්න Gentlemen's ZONE නිතරම උත්සාහය ගන්නවා. දවසක මේකෙ කෝස් එක ඉවර කරලා මේකෙ ඉන්න ජෝඩු දෙකක් තුනක් මමම අත්සන් කරලා බන්දලා දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.. ආ කෝ බලන්න මූණු ටික. ආසයි නේ... 😁😁
කියන්න අමතක වුණා. අර කෙල්ලට මම අනවශ්ය තැනක් අල්ලන්න දුන්නෙම නෑ. හැබැයි එද්දි රුපියල් 1000/=දීලා පුලුවන් තරම් ඉක්මනින් මේ කාලකන්නි රස්සාවෙන් මිදෙන්න කිව්වා. යන්න කලින් එයා මගෙන් එක ඉල්ලීමක් කලා.
"අයියෙ මම ඔයා වගේ කොල්ලෙක්ව මෙතන හම්බෙලාම නෑ. ඒත් ඔයා වගේ පපුවක් තියන කොල්ලෙක් දැක්කොත් මම ටිකක් වෙලා මූණ තියන් ඉන්නවා පපුවෙ."
මේකි යකෝ...
"
මම පොඩ්ඩක් ඉන්නද එහෙම."
ඇත්තටම බොරු කියන්න ඕනෙ.මම ඒ ඉල්ලීමට එයාට ඉඩ දුන්නා.
සමහර විට ටිප් එකක් ගන්න දාපු ට්රික්ස් එකක් වෙන්න ඇති. 😅
1000/=දුන්නා විතරයි මේකි මාරු. මම ආව එන්න. බඩු බඩුමය. යහ මග ගත නොහැක. 😁
ඕකෙ.......
ආස නැද්ද ස්පා එකක කෙල්ලෙක් යහ මගට ගන්න. 🤣🤣 අම්මෝ එහෙම ඉත්තෑවෝ දුවපු උන් මම දන්නවා. අන්තිමේ බඩුව අරං රට ගියා. බඩුව රට ගිහිං වටේ ගියා. 🤣🤣
අහුවෙන්න එපා කොල්ලනෙ... අපේ හොද හිත උන් පාවිච්චි කරනවා හරිම පහත් විදියට. සරළව
ගැහැණියකට සමාවදී වැරදුනාද මන්දා... 🎶
කියලා කියන්න ඉඩ තියාගන්න එපා.
අද පාඩම ඉවරයි. කට්ටිය ගෙවල් වල යන්න. ලබන සතියෙ මාතෘකාව ලියාගෙන තියන්න.
ඒ ප්රධාන මාතෘකාව.
ලිංගිකත්වය කියන තැනදි කාන්තාවක් සම්බන්ධ නියම පිරිමියෙක් තබාගන්න ඕනෙ ප්රතිපත්ති!
එහෙනම් හැමෝටම ජය වේවා...

Gentlemens Zone

No comments:

Post a Comment