ගැහැණු කැමතිම යක්කු වගේ කොල්ලන්ට කියද්දී, මටත් හිතුනා ඕනම පිරිමියෙක් යටි හිතින් හරි ආස කරන කෙල්ලෙක් ගැන ලියන්න.
දණිස්සෙන් පල්ලෙහාට ගවුම අදින, බිම බලාගෙන ඇවිදින, ලැජ්ජශීලි, පිරිමියෙක්ගේ අතින්වත් අල්ලලා නැති බෝනික්කෙක් වගේ කෙල්ලෙක් එක්ක විවාහ වෙන්න ගොඩක් පිරිමි කැමති වුනාට, දඩබ්බර පිරිමි හිත් අස්සේ ඉන්න කෙල්ලගේ රූපේ ඊට වඩා වෙනස්.
මේ කාලේ වැඩිපුරම අපිට මුණගැහෙන්නේ දවස පුරා මුහුනු පොතට වේලා ඉන්න, උදේ ඉදන් හවස් වෙනකන් සෙල්ෆි ගන්න, ටික් ටොක් වීඩියෝ කරන, නිතරම කණ්නාඩිය ඉස්සරහ මේකප් තලි උලන, අම්මගෙන් තාත්තගෙන් පස්සේ සැමියගෙන් යැපෙන්න බලාගෙන ඉන්න ගැහැනු. පොඩි දේටත් අඩා වැටෙන, මැසිවිලි නගන, චෝදනා කරන, සියදිවි නහගන්න හදන සීනි බෝල ගැහැනු. මේ කියන්නේ ඒ වගේ කෙල්ලෙක් ගැන නම් නෙමෙයි.
කෙල්ලෙක් උනාම ජීව්තේ ගැන හීන දකින්න ඕන, ඒ හීන පස්සේ හඹා යන්න ඕන. හැම දෙයක්ම පිරිමියෙක් කරලා දෙනකන් ඉන්නේ නැතුව තනියෙන් ජිවිතේට මුහුණ දෙන්න හැකියාවක් තියෙන්න ඕන. සැමියා නිවසට ගොඩ වෙද්දීම දහසක් මැසිවිලි නගන, ඉල්ලීම් කරන ගැහැනුන්ට වඩා පිරිමියෙක්ට හයියක් වෙන, පවුලේ බර ඇදන් යන්න උදවු වෙන ස්වාධීන ගැහැනුන්ට පිරිමි කැමතියි. බස් එකක අසහනකාරයෙක් ජැක් ගැහුවාම බයේ ඉදලා ඇවිත් දවසේම අඩන වැලපෙන ගැහැනුන්ට වඩා ඌත් එක්ක එවලෙම ගේම ඉල්ලන යකෙක්ටවත් බය නැති කෙල්ලෙක් වෙන්න ඕනි. හැබැයි මම මේ කියන්නේ ගැහැනු විතරක් මේ ලොකේ ඉන්න ඕනේ කියලා හිතන පෙමිනිස්ට් ගැහැනු ගැන නම් නෙමෙයි.
පිරිමි කැමති අතට අහුවෙච්ච එකක් ඕනේවට එපාවට අදින, කොණ්ඩේ අවුල් කරගත්ත, උදේ පාන්දර දැක්කම මෝහිනී කියල බය හිතෙන කෙල්ලන්ට නම් නෙමෙයි. තියෙන විදිහට ලස්සනට පිලිවෙළට අදින, තොර තෝන්චියක් නැතුව කියවන, හිනා වෙවී දගලන, මුහුණෙන් ඇස් වලින් කතා කරන ගැහැනුන්ට. ඇදක් උඩ මල මිනියක් වෙන්නේ නැති නපුරු, ඔරවන, හපන, කොනිත්තන ගැහැනුන්ට. පිරිමි කියන හැම එකටම හා කියන්නෙ නැති අපි නොහිතන දේවල් කරන ගැහැනුන්ට. අපිට නොපෙනෙන ඉමක් පෙන්වන ගැහැනුන්ට. සංවේදී මොහොතක එහෙම ගැහැනියකගේ උකුලට හිස තියාන අඩන්න අපිට පුළුවන්. පිරිමියෙක් අවුලන්න වගේම නිවන්නත් ගැහැනියකට පුළුවන්.
පිරිමියෙක්ට නීති රිතී ගොඩක් දාලා හිර කරන ගැහැනුන්ට වඩා නිදහස දීලා විශ්වාස කරන, ඉදලා හිටලා එකට වාඩි වෙලා බීර විදුරුවක් බොන ගමන් සමාජය දේශපාලන පත පොත ගැන කතා කරන්න තරම් දැනුමක් තියෙන ගැහැනියකට තියෙන්න ඕනේ. සින්දුවක්, චිත්‍රපටියක් ගැන රසවින්දනයක් තියෙන, හැමදේකම අඩුපාඩු හොයන ගැහැනුන්ට වඩා තියෙන විදිහට කාලා ඇදලා ජිවිතේ විදින්න දන්න ගැහැනුන්ට පිරිමි ආසයි. එහෙම නැති ගැහැනියක් එක්ක ගෙවෙන ජිවිතේ නීරසයි කියලා තේරෙන්න සමහර පිරිමින්ට ටිකක් කල් යනවා. එහෙමත් නැත්නම් ලංකාවේ සාමාජය ඇතුලේ ගැහැනියට දීලා තියෙන ප්‍රතිරූපය මීට වඩා වෙනස් හින්දා ලද බොලද ගැහැනියක් එක්ක විවාහ වෙලා ඉන්බොක්ස් එක ඇතුලේ මේ විදිහේ ගැහැනු හොයන පිරිමි ඕනේ තරම් ඉන්නවා.
සමහර විට උඹලට හිතෙන්න පුළුවන් ඔහොම ගැහැනු ඉන්නේ ෆැන්ටසිවල විතරක් කියලා. එහෙමත් නැත්නම් පිරිමින්ගේ අවශ්‍යතා වුවමනා සපුරන්න කියලා. කවමදාකවත් හොද මවක් වෙන්න මේ කියන විදිහේ කෙල්ලෙක්ට හැකියාවක් නැහැ කියලා. එහෙම කෙල්ලෙක්ට පුළුවන් දරුවෙක් වදන්න විතරක් නෙමෙයි හොද දරුවෙක් හදන්නත්. මොකද දරුවෙක් හදනවා කියනන්නෙත් එක්තරා කලාවක්. වර්තමානයේ තරගකාරීත්වයත් එක්ක බිහිවෙන රොබෝ දරුවෙක් වෙන්නේ නැති සන්වේදී හදවතක් රසවින්දනයක් තියෙන, හැමදේම මුදලින් මනින්නේ නැති, තමන්ගේ වාසියට විතරක් නැතුව ඕනෙම මිනිහෙක්ට එක විදිහට ගරුකරන, ගැහැණියකගේ වටිනාකම දන්න පුතෙක්ව එහෙම කෙල්ලෙක්ට හදන්න පුළුවන්.
අවසාන වශයෙන් පිරිමියෙක්ගේ ජිවිතේ අම්මගේ ඉදලා එක එක කාලේදී ලගින් ඉන්න ගැහැනු, පිරිමියෙක්ගේ ජිවිතේ දිශාව තීරණය කරන සාධනීය කාරණයක් වෙනවා. ලඟ හිටපු රිද්දපු සුව විදපු ගැහැනු නිසා අපි හැමොගේම ජිවිත වෙනස් වුනු හැටි ආපස්සට හැරිලා බැලුවොත් පෙනේවි. පිරිමියෙක්ටත් ඕනේ බෝනික්කෙක් නෙමෙයි, වෙහෙසකර ජීවන ගමන එකට ඇවිදගෙන යන්න පුලුවන් සහකාරියක්. එහෙම ගැහැනියක් ලඟ නැවතුනු පිරිමි හිතක් ආයෙත් වෙන තැනක නතර වෙන්නේ නැහැ. එහෙම නොවී පිරිමියෙක් තමන්ට නතු කරලා තියාගන්න ඕනේ හැකියාව ගැහැනියකට සහජයෙන්ම ලැබිලා තියෙනවා. ලස්සන කෙල්ලෙක් දැක්කම අරකිගේ පට්ට කද කියලා බය නැතුව කට ඇරලා කියන්න පුලුවන් පොලවේ පය ගහලා ඉන්න එකියක් ලග ඉද්දී දැනෙන නිදහස විදලම බලන්න ඕනේ. ඉතින්, පුලුවන් නම් හොයාගනිනින් ඒ වගේ කෙල්ලෙක්ව
No comments:
Post a Comment