677717163024268_677717196357598 Gentlemens Zone: පෙට්ටිය කඩා ප්‍රේමය ඉවත් කරගන්න එපා!

Sunday, June 23, 2019

පෙට්ටිය කඩා ප්‍රේමය ඉවත් කරගන්න එපා!

පෙට්ටිය කඩා ප්‍රේමය ඉවත් කරගන්න එපා! 

 ( ටිකක් සැරයි කරන්න දෙයක් නෑ.. 🤫)



සුදු නෝනා ඔයාට ලැබුනෙ රත්තරන් කොල්ලෙක්. හංසයා දියෙන් කිර වෙන්කරන්නා සේ ඌත් උඹේ කැඩුන පෙට්ටියෙන් ආදරය වෙන් කරගන්න හැදුවා. බොහොම වීර්ය කලා. ඒත් අන්තිමේ ඌ පරාද වුණා. මම කියනවා ඌ පරාද නෑ ඌ බේරුණා.
නංගි උඹට ඌ කොච්චර ආදරේද කියලා මම දැනගත්තෙ මීට හරියටම දවස් 3 කට කලින් ඌත් එක්ක බීර වීදුරුවක් තොලගාද්දි. ඒ අඩපු ඇඩිලි වලට හෙනයක් වුණත් උඹට පාත් වෙන්න බැරි නෑ පරිස්සමෙන්. අද උඹව පොලීසියෙදි දැක්කම මටනම් මතක් වුණේ නවදැලිහේනක පෑව වැදිරි රුව. උඹ කැතයි කියන්නෙ නෑ. ඒත් සහන්ට උඹට වඩා ලස්සන කෙල්ලෙක් ගන්න පුලුවන්. ඒත් ඌ උඹට වහ වැටිලා. හැබැයි දැන් නෑ.. ඒ උඹ කරපු කැත වැඩේ නිසා. අතින් අත ගියපු කෙල්ලෙක් වුණ උඹට ආදරේ කරන්න තරම් උගේ හිත ප්රේමණීය ඇති. හැබැයි නංගියෙ හැම පිරිමියම එහෙම නෑ. උඹට තිබ්බා ඌ ලග හරි නවතින්න. කඩාගත්ත කෙල්ලෙක්ට සමාජෙන් ලබෙන අපූර්ව සම්මාන සහතික නාමාවලි හංගන් උඹව පතිනියක් කරන්න හදපු පවට අද ඌ වන්දි ගෙවන්නෙ. අහපං උගේ කතාව මම උඹට කියන්නම්. සමහර වෙලාවට මේක අහල උඹ ආයෙ ඒවි. ඒත් එහෙම එපා. ගිය විදියටම ඉදපං. ඌව මම බ්රේන් වොෂ් කරලා ඉවරයි. සමාවෙයං. ඒ ආදරය ලබන්න තරම් උඹ සුදුසු නෑ ප්රසාදි.
ප්රසාදිගෙයි සහන්ගෙයි ආදර කතාව ඇතිවෙන්මෙ මීට වසර එකහමාරකට උඩදි. ඒ වෙද්දි ප්රසාදි යම්කිසි තහනම් ව්යාපාරයකට එකතුවෙලා කටයුතු කරන කෙනෙක්. ප්රසාදි වරින් වර එයට සම්බන්ධ වෙන්න කියලා සහන්ගෙනුත් ඉල්ලීම් කරනවා. නමුත් සහන් ඊට එකග වෙන්නෙ නැ.. මෙහෙම යද්දි ප්රසාදි සහන් දෙන්නා බොහොම ආදරෙන් බැදෙන්නෙ හරියට සංසාරෙම පතාගෙන ආපු ප්රේමනීය හංස යුවලක් වගේ. ඒතරම් දෙන්න ආදරය කරනවා. ඒ ආදරේ නාමයෙන් සහන් ගොඩක් දේවල් ඉවසනවා. විශේෂයෙන් ප්රසාදි මීට කලින් යාලුවෙලා ඉදලා ලිවින් ටුගෙදර් ජීවිතයක් ගත කරන්නෙ සහන්ගෙම යාලුවෙක් එක්ක. ඒ සම්බන්ධය ගැනත් සහන් දැනගෙනයි මේ ආදරය පටන් ගන්නෙ. කරුමයක් ගෙවන්න තියනවනම් ඒක ගෙවලම ඉවර කරන්න වෙනවා. මේ අතර ප්රසාදි තව තව සම්බන්දතා ඇතිකරන් හැමදේම අවුල් කරගන්නව. කලින් කොල්ලගෙන් ප්රසාදිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒත් සහන් ඒ හැම දේටම සමාව දීලා අමතක කරන්නෙ ඔලුවෙ ඉන්න හරකගෙ අංදෙක දලුලන්න දීලා වගේම පුකේ හෙන සයිස් ඉත්තෑවෙක් ඇති කරන්න හිතං. 🤣
හැමදාම හවසට ප්රසාදි වැඩ ඇරිලා එද්දි එක්කං යන්න මූ යනවා නුගේගොඩ. දෙන්නා බස් එකේ පෙම් සුව විදිමින් එනවා. 138 කියන්නෙ නියම රූට් එකනෙ වැඩේට. බස් එක හෝමාගමට එනවවත් දෙන්නට මතක නෑ. කෙල්ලට කෙසේවත් කොල්ලට. මෙහෙම කාලයක් ආදරය කරන් යද්දි දෙන්නා නිතර හමුවෙනවා. සහන් එකත් ප්රසාදි හැමදේම බෙදාගන්නවා. හැබැයි කවදාවත් සහන් ප්රසාදි අමාරුවෙ දාන්න ආදරය නොකල නිසා නිතර නිතර එකට හමුවෙන්න හිතුවෙත් නෑ. ඒත් මාසෙකට දෙතුන් වතාවක් දෙන්නා අඹුසැමියන් විදියට එකතු වෙනවා. සමහර විට සහන්ගෙ ගෙදරදීම. මේ සම්බන්ධය සහන්ගෙ ගෙදරින් දන්නවා වගේම ඒකට කැමැත්ත පවා ලැබිලයි තියෙන්නෙ.
මෙහෙම කාලය ගතවෙද්දි සහන් යාලුවෙක් එක්ක එකතු වෙලා බිස්නස් එකක් පටන් ගන්න යනවා. ෆෝන් ශොප් එකක්. ඒක මතුගම පැත්තෙ තමයි පටන් ගන්න සැලසුම් වෙන්නෙ. නමුත් ඒකට ප්රසාදි අකැමති වෙනවා සහන්ව බලන්න වෙන්නෙ නෑ කියලා නිතර. අනේ ප්රේමයේ නාමයෙන් මූ ඒක දමලා ගහන්නෙ ඌ එක්ක බිස්නස් එක පටන් ගන්න ඉදපු යාලුවටත් පොල්ල දාලා. කොල්ලො ජීවිතේ වටිනා අවස්තා කීයක්නම් මෙහෙම ගෑනු නිසා නැතිකරගෙන ඇත්ද?
කොහොමහරි සහන්ට ස්තීර රැකියාවක් නෑ. පොඩි බයින් ඇන්ඩ් සෙලින් ජොබ් එකක් තමයි කලේ. ඒත් කොහොමහරි තමන්ගේම ව්යාපාරයක් පටන්ගන්න උවමනාව සහ දක්ෂකම කොල්ලට අඩුවක් නෑ. වැඩිය උස මහත නොවුණට ලස්සන රැවුලක් එක්ක කඩවසම් ප්රියමනාප පිරිමි පෙනුමක් තියන මේ කොල්ලට අකැමති වෙන කෙල්ලෙක් නැති තරම්. ඒ තරම් ආකර්ෂණීය එකෙක්.
මෙහෙම කාලය යද්දි පහුගිය ජනවාරියෙ සහන් ප්රසාදිට කතා කරනවා ෆිල්ම් එකක් බලන්න යන්න. කෙල්ල කැමති නැති වෙනවා. හේතුව විදියට කියන්නෙ බෝඩිමේන් එන්න බෑ කියන එක. සහන්ට මේකට සැක සහ කේන්තියනවා. නෑ අද යන්නම ඕනෙ කියලා බල කරත් මෙයා කැමති වෙන්නෙ නෑ. සහන් බෝඩිම ලගට ගිහිං ප්රසාදි එක්ක රන්ඩු වෙනවා. එතනදි කොල්ලා කෙල්ලට කනට පාරක් ගහනවා. 😪 අවුල් ටික ටික පටන් ගන්නෙ මෙතන ඉදන්, නිතර නිතර රස්සවක් නෑ කියන තැන ඉදන් ප්රසාදි සහන් එක්ක රන්ඩු කරන්න ගන්නවා. ඒ රන්ඩු කෙලවර වෙන්නෙ දෙන්නම හොදටම බැනගෙන. ඒත් ප්රසාදි කොල්ලට පටන්ගන්න හදපු බිස්නස් එක කරන්න දුන්නෙ නෑ කියලා අද එයාට මතක නෑ. අවසානෙ රස්සාවක් නැති නිකමෙක් ගානට සහන්ව දාලා ප්රසාදි සහන්ව අතාරිනව.
මුල් දවස් ටිකේ ගානක් නැතුව හිටියත් ටික ටික ප්රසාදිව අමතක කරන්න සහන්ට අමාරුයි. කොල්ලා වැලපෙන්න අඩන්න ගන්නෙ දැන්. දවසට දහ දොලොස් වතාවක්. කොච්චර කතා කරලා ආදරය ඉල්ලුවත් ප්රසාදි කිසි හිතක් පපුවක් නැතුව ඔහුව ප්රතික්ෂේප කරනවා. අවසානෙ මේ කතාව කෙලවර වෙන්නෙ පොලීසියෙන්.
එතැන් සිට,
"අයියෙ මට ඔයාව ටිකක් හම්බෙන්න පුලුවන් ද?" ඒ සහන් මට දාපු මැසේජ් එකක්. ඌ මට මුනගැහෙන්නෙ ෆේස්බුක් යාලුවෙක් විදියට. මගේ පෝස්ට් වලට නිතර කමෙන්ට් කරලා ඉන්න කොල්ලෙක් මට අහම්බෙන් දකිනවා. මෙයා දවසක් පෝස්ට් එකක් දාලා තිබ්බා මාව See First දාලා තියෙන්නෙ. හැමදාම බලනවා මොකක් හරිදාල ද කියලා. කියාලා. ඒකාලෙ මම පේජ් එකක් කරේ නෑ. හිතට එන දේ ලීවෙ පෞද්ගලික ෆේස්බුක් වෝල් එකේ. මගේ කතා සහ වෘත්තීය පලකිරීම් වලට වහ වැටුන පිරිසක් මගේ වටා හිටියා. සහන් ඒ අතර ප්රධානයි. මම සාමාන්යයෙන් කොල්ලො එක්ක චැට් කරන්නෙ නෑ. කෙල්ලො එක්කත් එහෙමයි. ඒ වගේම මට වෙලාවක් නෑ නිතර චැට් එකට. හැබැයි සහන් මොකක් හරි ඇහුවොත් මම රිප්ලයි කරනවා. මෙහෙම යද්දි මම ව්යාපාර කරන්න කොළඹ එනවා. ඒ බිස්නස් එකේ ඕපන් එකට පවා සහන් ඇවිල්ලා ගොඩක් උදව් කලා කලින් දා රෑ. මේ විදියට අපි අතර මිත්රත්වයක් හැදෙනවා.
හරි සහන් මට අද හෙටනම් බෑ. අනිද්දා රෑ 7 ට වගේ හම්බෙමු. මේ වෙද්දි ප්රසාදි ගැන වටින් ගොඩින් කියලා තිබ්බෙ මට. ඒත් මට 100% තේරිලා තිබ්බෙ නෑ. ප්රසාදි එක්ක බ්රේකප් වෙලා මූ ෆේස්බුක් එකේ වැලලි වැලලි ඉන්නවා පේනව නිතර. එක සැරයක් කෙල්ලට බැනලා පොස්ට් එකක් දාලා තිබ්බා. මම ඒක බැනලා අයින් කලා. මූ තව එකක් දැම්මා මුණ එක්ක ෆොටෝ එකක් දාලා. මේක මම දැක්කෙ පැය ගානකින්. " අයියෙ අරක තියන්නද අයින් කරන්නද" බූරු පුතා හවස අහනවා.
යකෝ උඹට මම කිව්වනෙ එපා කියලා. ඕන එකක් කරපං. මූණ දාන්න එපා. නම් දාන්න එපා. කොච්චර වුණත් ඒ කෙල්ලෙක්. කෙල්ලෙක්ට අපහාස කරන්න එපා.  මම එහෙම කියලා පැය 24 ගියේ නෑ. ප්රසාදි මූට විරුද්ධව පොලිසියෙ පැමිනිල්ලක් දාලා. කාලා වරෙන්කො දැන්. 🤮
"අයියෙ මම එන ගමන්. ඔයා ඉන්නවද?"
ඔව් වරෙන්.
හවස 7 වගේ වෙද්දි සහනා ආවා. අපි කෙලින්ම ගියේ පැනෝරාමා එකට. එතන හරි නිස්කලංක තැනක්.ගිහිලා පොඩ්ඩක් නිදහසේ කතා කරන්න හොදයි පිරිමින්ට. මම සහන්ගෙ සම්පූර්ණ කතාව ඇහුවා. සහන් බේබද්දෙක් නෙවෙයි. ඒත් මට මේවා අමුවෙන් කරන්න බෑ. ටයිම් පාස් කරන්න ඕනෙ. අනික දහසක් වැඩ අස්සෙ මම මූට කාලය දෙන්නෙ. මගෙත් ලොකු ඉත්තෑවෙක් ඉන්න නිසා. මොනාද බොන්නෙ කිව්වම මේකා වයිල්ඩ් ඇපල් ඉල්ලනවා. ඒවා නෑනෙ මේකෙ. අපි කාල්ස්බර්ග් ස්පෙෂල් බ්රීව් එකක් ඕඩර් කරලා කතව පටන් ගත්තා. බීර වීදුරු දෙක හෙමින් හිස් කරන ගමන් සහන් හැමදේම කිව්වා. මේ කතාවෙ අගක් මුල. ටිකකින් එතන සිංදු කියන කොල්ලා ආවා ගිටාර් එක අරං. 🎶 මද අදුරේ රාත්රිය තවම තරුණයි. කතාවෙ සහන් හරිම හැගීම්බරයි. ඇස් රතුවෙලා. මම මං ආසම මිල්ටන් මල්ලවආරච්චි මහත්මාගෙ ගිතයක් ඉල්ලීම් කල. ඒක දැන් අපූරුවට ගායනාවෙනවා. හරිම ආදරණීයව. 
ඊලගට ප්රියා... ඇසුරෙන් මිදිලා... 🎶
ආපහු මිලා...
මට මෙන් ඔහුටද.... කදුල ඔබයි...
කදුල ඔබයි .. හස රැල්ලා.. ඔබයි...🎶
ගීත එකින් එක හිතට වදින්න සැලැස්වීම මගේ අරමුණ. අවසානෙ උගේ කතාවට බොහොම සමීප ...මේ නගරය...🎶 ගීතය තමයි මගේ ඉල්ලීම. ඒක අහද්දි සහන් කෑ නොගහා ඇඩුවා. 😪😢😢💔
මේ නගරය මා ඔබ මුණ ගැහුණු නගරයයි....
මේ නගරය මා ඔබ වෙන් කෙරුණ නගරයි....
දෛවයේ සරදමකටද මන්දා දෙන්නා හමුවුණ කොට්ටාව පොලිසිය ඉස්සරහා කොට්ටමබ ගහ යටදි මුලින්ම. අනිද්දා පොලිසියෙදිම දෙන්නා වෙන් වෙන්න නියමිතයි. 😢
අපි කතාවට එමු. සහන් කරලා තියෙන්නෙත් හොදක් නෙවෙයි. ප්රසාදිගෙ ෆොටෝ එකක් දාලා අපහස කරලා බැණ වැදීම. හැබැයි ඒක් කලාත්මකව කරලා තිබ්බා. මම පවා කිව්වෙ පෝස්ට් එක තියන්න ෆොටෝ එක නම අයින් කරන්න කියලා. කොහොමහරි දැන් සේරම ඉවරයි. පොලීසියට යාමක් තියෙනේ. 21 කියන්නෙ මට ඉතා කාර්යබහුල දවසක්. ඒත් මම පොරොන්දු වුණා සහන් එක්ක යන්න. ඊට කලින් මම වෙනම පැත්තක් නිර්මාණය කරලා උදෙම සහන් එක්ක ගියා පොලීසියට. ඒ වෙද්දි වෙලාවක් අහගෙන නෑ එන්න අවශ්ය. අපිට උදේ 10.00 ට එන්න කිව්වා. වෙලාව තියන නිසා මගේ ව්යාපාර වැඩකට අපි නාවින්නට ගිහින් හරියට වෙලාවට ආවා පොලීසියට. එද්දි ප්රසාදිත් ඇවිල්ලා. මුගේ ඇස් දෙක කියන්නෙ පොලිසියෙ ගේට් එකෙන් ඇතුල් වෙද්දිම කියනවා. "අයියෙ අරයා ඇවිත්" කියලා.
බොහෝ පිරිසක් ඇවිත් හිටිය කාන්තා හා ලමා කාර්යංශයට එදා පැමිණිලි වලට. අපිට අංක 1 අවස්තාව ලැබුණා. 😎
දෙන්න ඇතුලට ගත්තා. මම එලියෙන් වාඩි වුණා. අපි යම්කිසි හැදුනුම් කමක් ගොඩනගා ආවත් , සහන් වරදක් කරලා තිබුනත් කතාවෙ සහන් නිර්දෝෂී කියලා එතනදි ඔප්පු වුණා. පොලීසිය දාපු පොස්ට් එක සහ දෙන්නගෙ කතාව මුල ඉදන් ඇහුවා.
අතින් අත ගිය වෛශ්යාවක් වැනි ලදකට පෙම් කල වරදට තමා විදවන හැටි, ඇයගේ අනෙකුත් සම්බන්දතා ගැන, ඒ අය සමග තමන්ගෙ ගෙදරට පවා හොරෙන් පවුල් කාපු හැටි සහන් පොලිසියෙ දි කිව්වා. අවසානෙ තමන්ගෙ චරිතය නිවැරදි ව සකසා ගන්නා ලෙස ප්රසාදිට උපදෙස් ද. , නැවත මෙවැනි ලෙස ෆේස්බුක් හරහා කාන්තාවන් ට අපහාස නොකරන ලෙසත් සහන්ටද පොලිස් අවවාද ලැබුණා. පැමිණිල්ල එතැනින් අවසන් වුණා.
තම පෙම්වතිය තමා හැරයාම නිසා ඇතිවූ තරහා වේදනාවට සහන් එසේ කලත් සහන් එහි ආදීනව තේරුම් ගත්තා. සහන්ට දීලා තිබ්බ ලැප්ටොප් පරිගණකයක් නැවත ප්රසාදි ටම බාරදීලා මේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ඉවර කරන්න අපි කටයුතු කලා.
" අයියෙ ඕකි මාව අතෑරියෙ රස්සාවක් නෑ කියලනෙ. මම හොද තැනකට ඇවිල්ලා ඕකිටම පෙන්නනවා. "
ඒ සහන්. දැන් ඌට දුකක් ඉතිරි වෙලා නෑ. ලැජ්ජාව සහ පසු තැවීමක් විතරයි.
තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉරහඳ මිරිකා දියකර සාගරයේ..
අදුරේ උන්නෙමි ලොවම එපාවී..
මා හැරදා ඈ ගිය දවසෙ....
ගීතය කියන්නෙ මිනිහෙක්ට තමන්ගෙ හිතේ තියන වේදනාවට දිව්ය ඖෂධයක්. වෙලාවක අහලා බලන්න මිල්ටන්, කපුගේ, TM වගේ පැරණි ගායකයන්ගෙ ගීත්. ඔබේ ප්රශ්ණ වලට නිහඩ එහෙත් බුද්ධිමත් පිලිතුරු ලබාගන්න පුලුවන් වෙයි.
මතක තියාගන්න ගෑනුන්ට අපහාස කරන්න එපා. ඒක නියම පිරිමි කම නෙමෙයි. රිටන් එක දෙන්නෙ ඔලුවෙන්. කොහෙන්ද ..........?
ඔලුවෙන්. 😎🤫🤫
සමාප්තයි.
Disclaimer : මෙය 100% සත්ය කතාවක් ඇසුරුන් නිර්මිතය. කිසිවෙකුට අපහාස කිරීමේ හෝ අගති චෝදනා කිරීමේ අරමුණකට පලකිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. නම්ගම් මනඃකල්පිතය.

No comments:

Post a Comment