677717163024268_677717196357598 Gentlemens Zone

Wednesday, April 15, 2020

ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ දක්ෂයෙක් වෙන්න සරල මනෝවිද්‍යාත්මක ක්‍රම 5ක්.


ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ දක්ෂයෙක් වෙන්න සරල මනෝවිද්‍යාත්මක ක්‍රම 5ක්.
ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ ඉගෙන ගන්න පහසුම භාෂා වලින් එකක්. නමුත් අවුරුදු ගණනක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් බොහෝ දෙනෙකුට තාමත් හරියට ඉංග්‍රීසි කතා කර ගන්න, ලියන්න, තේරුම් ගන්න බැරි අවස්ථාවන් ඉතා සුලභව තියෙනවා.
සාමාන්‍යයෙන්, Interview එකකට යන කොට, meeting එකකට යන කොට, Presentation එකක් එහෙම කරන්න වෙන කොට, බොහෝ දෙනෙක් මුලින් ම බය වෙන්නේ ඉංග්‍රීසි වලට.
හොඳින් හිතන්න.... සාමාන්‍යයෙන් පාසල් කාලය තුල පමණක් අපි වසර 13ක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒ වගේම ඊට පෙරත්, ඊට පසුත් අපි විවිධ ආකාරයන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඕනෑම ගමක , නගරයක අද වන විට ඉංග්‍රීසි පන්ති දෙක තුනක් වත් තියෙනවා. නමුත් මේ තරම් ඉගෙන ගෙනත්, මෙතරම් ඉගෙන ගන්න අවස්ථාවන් තිබිලත්, තවමත් අපේ රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බෑ.
ඔබට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අපට හරියට අහු නොවුන අවුලක් තියෙනවා කියලා? ,
ලෝකයේ ඉගෙන ගන්න ලේසිම භාෂාවක්, මේ තරම් ඉගෙන ගෙනත් බැරි වෙනවා කියන්නේ නිකම්ම වෙන දෙයක් වෙන්න පුළුවන් ද?
අනික සිංහල වගේ භාෂාවක් කියන්නේ ඉංග්‍රීසි වලට වඩා සිය දහස් ගුණයක් අමාරු භාෂාවක්. ඒ වගේ භාෂාවක් කතා කරන පිරිසකට මේ වගේ සරල භාෂාවක් අල්ල ගන්න එක මේ තරම් අමාරු වෙන්න පුළුවන් ද?
එහෙම නම් අපට කොතැන ද වැරදුණේ? අද මේ ලිපියෙන් අපි කතා කරන්නේ අන්න ඒ දේ ගැන.
ඒ නිසා ඔබත්, අවුරුදු ගණනක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් තවමත් හරියට ඉංග්‍රීසි බැරි කෙනෙක් නම්. Interview එකකට යන කොට, meeting එකකට යන කොට, Presentation එකක් එහෙම කරන්න වෙන කොට මුලින් ම ඔබ බය වෙන්නේ ඉංග්‍රීසි වලට නම්, අනිවාර්යයෙන් ම මේ ලිපිය අවසන් වන තෙක් කියවන්න. ඉංග්‍රීසි කියන දේ තමන්ගේ මවු භාෂාව තරමට ම හසුරුවන්න පුළුවන් කෙනෙක් වෙන්න , ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රම කීපයක්ම අපි ඔබට මේ ලිපියෙන් කියලා දෙනවා.
ක්‍රමය අංක 1 - ඉංග්‍රීසි ඉගෙන ගන්න සුදුසු මනසක් සකස් කර ගන්න.
ඕනෑම දෙයකට වගේ භාෂාවක් ඉගෙන ගන්න කොටත්, එහි සාර්ථකත්වයට බලපාන පළමුවැනි දේ තමයි ඔබේ මනස. විශේෂයෙන්ම භාෂාවක් වැනි දෙයක් ඉගෙන ගන්න කොට අපට ඒ දේ එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ.
ඔබට ඒ වෙනුවෙන් ක්‍රමානුකූල ව, පියවරෙන් පියවර, යම් කාලයක් ගත කරමින් භාෂාව ප්‍රගුණ කිරීම සිදු කරන්න වෙනවා. එතැන දී භාෂාව ඉගෙන ගන්න ආරම්භයේ දීම තියෙන උනන්දුව අවසානය වෙනතෙක්ම ඔබට පවත්වා ගෙන යන්න පුළුවන් නම් ඔබට ඕනෑම අමාරු භාෂාවක් ඉතාම ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්.
ඔබ හොදින් බලන්න එක වචනයක් බැරිව, වෙනත් රට වල රැකියාවකට යන අය දිහා, ඔවුන් බොහෝ විට ආයෙත් එන්නේ ඒ රටේ භාෂාව හොඳට පුළුවන් වෙලා. බොහෝ විට එක වචනයක් බැරුව වෙනත් රටවල් වලට යන බොහෝ දෙනෙක් සති කීපයක්, මාස කීපයක් යනකොට ඒ රටේ භාෂාව ඉතාම හොදින් ඉගෙන ගන්නවා.
මොකද ඔවුන්ට වෙන විකල්පයක් නෑ. වෙනත් රටකට ගියාම ඒ රටේ භාෂාව බැරුව ඔබට මුකුත් කර ගන්න බෑ. ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබට ඒ භාෂාව බැරි කමේ අඩුව තදින් දැනෙනවා.
නමුත් අපේ රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්න බොහෝ දෙනෙකුට මේ දේ දැනෙන්නේ නෑ. ඔවුන්ට ඉංග්‍රීසි බැරි නම් කිසිම දෙයක් කරගන්න බෑ කියලා දෙයක් නෑ. අන්න ඒ නිසා ඔවුන්ට ඉංග්‍රීසි හොඳට ම පුළුවන් වෙනකන් ඉගෙන ගන්න ලොකු උවමනාවක් ඇති වෙන්නේ නෑ.
මෙන්න මේ තත්වය ඔබට තියෙනවා නම් ඒක තමයි ඉංග්‍රීසි බැරි වෙන්න තියෙන 1 වෙනි හේතුව. අන්න ඒ නිසා , ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් මුලින් ම ඔබ කරන්න ඕනේ දේ තමයි, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා හිතෙන ප්‍රබල හේතු ටිකක් හදා ගන්න එක.
පුංචි කොලයක්, පෑනක් අරගෙන ඔබ ඉංග්‍රීසි ඉගෙනගත යුතු ඇයි කියන දේ වෙනුවෙන් හොදට කල්පනා කරලා, හොද හේතු 10ක් ලියා ගන්න. ඔබට ඉංග්‍රීසි පුලුවන් වුනොත්, ඔබේ ජීවිතේ කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියන දේ පැහැදිලිව ලියපු පුංචි සටහනක් තියා ගන්න. හැමදාම ඒක පොඩි වෙලාවක් අරගෙන නැවත නැවත කියවන්න. මේ දේ ඔබ එක දිගට දිනපතා කලොත් දවස් කීපයක් යනකොට ඉංග්‍රීසි ඉගෙනගත යුතුයි කියන , උවමනාව, මානසික ස්වභාවය, ඔබ තුල ඉබේම තදින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ දේ හරහා ඉතා ප්‍රබල මට්ටමකින් ඔබට ඉගෙනීමට ඇති උනන්දුව හා ආශාව වර්ධනය වීම , භාෂාව ඉතා හොදින් ග්‍රහනය කර ගැනීමේ හැකියාව වර්ධනය වීම වැනි තත්වයන් අත් විදින්න හැකියාව තියෙනවා.
ක්‍රමය අංක 2 - භාෂාවක් ඉගෙන ගන්න ආකාරයෙන් ඉගෙන ගන්න
අපේ රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බැරි වෙන්න බලපාන දෙවැනි, ප්‍රබලතම හේතුව තමයි, ඉංග්‍රීසි භාෂාවක් ලෙස ඉගෙන නොගැනීම. අපේ රටේ බොහෝ දෙනෙක් පොඩි කාලේ ඉදලම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ භාෂාවක් විදිහට නෙමේ , විෂයයක් විදිහට.
භාෂාවක් ඉගෙන ගන්න එක , සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න වෙනත් විෂයයක් වගේ ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙමේ. භාෂාවක් කියන්නේ ප්‍රායෝගික බව හා පුහුණුව එක්ක ඉගෙන ගත යුතු දෙයක්. නමුත් විෂයක් කියන්නේ සිද්ධාන්ත මත ඉගෙන ගත යුතු දෙයක්.
භාෂාවක මූළික අරමුණ වෙන්නේ , අදහස් සන්නිවේදනය කිරීම. භාෂාවක් ඉගෙන ගන්න ඕනේ අන්න ඒ පදනමේ ඉද ගෙන. මෙන්න මේ නිසයි අවුරුදු ගානක් ලංකාවේ ඉදගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වුන මිනිස්සු රට ගිහින් සතියක් දෙකක් යනකොට හොදට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නේ.
මොකද ඔවුන් මෙහෙදී ඉගෙන ගන්නේ , ඉංග්‍රීසි වල තියෙන නීති රීති, ව්‍යාකරණ මත ගොඩනැගුණු විශයක් විදිහට. එතැනදී ඔවුන් හැම වෙලාවෙම බලන්නේ හරියට ඉංග්‍රීසි කතා කරන්න. නිවරැදිව ව්‍යාකරණ ගලපමින් කතා කරන්න. මේ නිසා නිතරම ඔවුන් ඒ දේ කරන්නේ මේ මම කියන දේ හරිද වැරදිද කියන දේ හිත හිතා. වැරදුනොත් ලැජ්ජ වෙන්න වෙයිද කියන බයෙන්.
නමුත් පිට රටකට ගිහාම ඔබට ඇති වෙන්නේ , ව්‍යාකරණ ගැලපීමේ අවශ්‍යතාවයක් නෙමේ, අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයක් , එතැනදී ඔබ බලන්නේ කොහොම හරි අනිත් කෙනාට තේරෙන්න කතා කරන්න, මිසක් ව්‍යාකරණ ගලප ගලපා ඉන්න නෙමේ. ඔබ එතැනදී යමක් ඉගෙන ගන්නවානම් ඉගෙන ගන්නේ ප්‍රායෝගිකව තමන්ට කියන්න ඕනේ වෙන දේවල් හරහා. අන්න ඒ නිසා ඔවුන්ට භාෂාව ඉතාම ඉක්මනින් හුරු වෙන්න පටන් ගන්නවා.
නමුත් අපි ව්‍යාකරණ මූලික කරගෙන ඉගෙන ගන්නකොට කරන්නේ ව්‍යාකරණ නීතිය ඉගෙන ගෙන , කවදාවත් කතා කරන්න වෙයිද නැද්ද කියලාවත් දන්නේ නැති වාක්‍ය හද හදා මේ ව්‍යාකරණ රටාවන් පුරුදු වෙන්න හදන එක. ඒ නිසා එතන කිසිම ප්‍රායෝගික බවක් ඇති වන්නේ නෑ. අපි එතැනදී කරන්නේ, විද්‍යාව පාඩමේ න්‍යායක් මතක තියා ගන්න හදනවා වගේ, භාෂාව තුල තියෙන ව්‍යාකරණ නීති රීති ටිකක් මතකයේ තියා ගන්න හදන එක විතරයි. ඒ විදිහට ඔබට කවදාවත් භාෂාවක් ඉගෙන ගන්න බෑ.
මේ නිසා භාෂාවක් ඉගෙන ගන්න ඕනේ, භාෂාවක් ඉගෙන ගන්න ආකාරයෙන්. ඔබ උත්සාහ කරන්න ඕනේ , ඔබට නිතර අවශ්‍ය වෙන දේවල් හරහා, ව්‍යාකරණ රටාවන් ග්‍රහණය කර ගන්න හදන එක.
උදාහරණයක් විදිහට හිතන්න ඔබට කාට හරි, මම ඔබට ආදරෙයි කියලා කියන්න ඕනේ වුනා කියලා. එහෙමනම් මුලින්ම ඔබ ඒ දේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ දේ කියන්නේ I love you කියලා. එහෙනම් මුලින්ම ඒ දේ ඉගෙන ගන්න. ඊට පස්සේ බලන්නේ ඒක ඇතුලේ තියෙන ව්‍යාකරණ රටාව ගැන, ඊට පස්සේ බලන්න මම ඔබට ආදරය කලා, මම ඔබට ආදරය කරයි, මම ඔබට ආදරය කලේ නෑ වගේ එයට අදාල වෙනත් වාක්‍ය රටා ගැන ඉගෙන ගන්න.
මෙහෙම ඉගෙන ගන්නකොට ඔබ දන්නේම නැතුව ව්‍යාකරණ ටිකත් ඔබේ ඔලුවට යනවා. ප්‍රායෝගිකව භාෂාව හැසිරවීමේ හැකියාවත් ලැබෙනවා.
ක්‍රමය අංක 03 - විහිළුවෙන් ඉංග්‍රීසි කතා කරන්න
භාෂාවක් කියන්නේ ප්‍රායෝගික දෙයක්, භාෂාවක නිපුනත්වය ලැබෙන්නේ හැම වෙලාවක දීම හුරුව මත. යමක් හුරු වෙන කොට වැරදීම් සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් බොහෝ දෙනෙක් මෙන්න මේ දේට කැමති නෑ. ඔවුන් බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ ඉංග්‍රීසි වැරදුනොත් ඒක ලැජ්ජාවක් විදිහට හිතනවා. අන්න ඒ නිසා ඇතැම් විට තමන් දන්න දෙය පවා ඉංග්‍රීසියෙන් කතා කරන්න බය වෙනවා.
මෙන්න මේ මානසික තත්වය ඔබ තුලත් තියෙනවානම්, ඉංග්‍රීසි ඔබට හුරු කර ගන්න ඉතාම අමාරු වෙනවා. මොකද වරදියි කියලා කතා කරන එක මග හරින නිසා, ඔබට හුරු වෙන්න තියෙන අවස්ථාවන් මග හැරෙනවා.
අන්න ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලයේ දී , විහිළුවට ඉංග්‍රීසි කතා කරන එක පුරුද්දක් කර ගන්න. හිතෙන හිතෙන දේවල් , වරද්ද වරද්ද , පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් කියන්න. මෙහෙම කතා කරනකොට වැරදුනා කියලා කවුරුත් ඔබට හිනා වෙන්නේ නෑ. මොකද ඔබ ඒක විහිළුවට කරන දෙයක් ලෙසට තමයි ඔවුන් හඳුනා ගන්නේ.
නමුත් ඔබට මේ හරහා ඉංග්‍රීසි කටට හුරු කර ගන්න පුළුවන් වෙනවා. ටික දවසක් යනකොට ඉංග්‍රීසියෙන් මොනවා හරි කියන එක ඔබට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉංග්‍රීසි වැරදෙන එක ඔබට ඒතරම් ලොකු දෙයක් කියලා දැනෙන්නේ නෑ. ඒ නිසා ඉංග්‍රීසි වරදියි කියලා තියෙන බය ඉබේම ඔබෙන් නැති වෙලා යනවා. මේ දේ කරන ගමන් ඉංග්‍රීසි ටික ටික හරියට ඉගෙන ගන්න එකත් ඔබ කරගෙන ගියොත් ඔබ දන්නේ ම නැතුව මාස කීපයක් යන කොට ඔබට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ලේසියෙන්ම පුළුවන්.
ක්‍රමය අංක 04 - ඉංග්‍රීසි ඉගෙන ගන්න එක දෛනික පුරුද්දක් කර ගන්න
මේකත් අපි කලින් කියපු, භාෂාවක් ඉගෙන ගන්න කොට ඒක විෂයයක් ලෙස ඉගෙන ගන්න එපා කියන කොටසට ම ටිකක් අදාළයි. විෂයයක් ඉගෙන ගන්න කොට ඔබට එය සතියකට දවසක්, මාසයකට දවස් කීපයක් තියා ගෙන, ක්‍රමයෙන් විෂය කරුණු අධ්‍යයනය කරමින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් භාෂාවක් කියන දේ නම් එහෙම ඉගෙන ගෙන හරි යන්නේ නෑ.
භාෂාවක් කියන්නේ දිනපතා ඉගෙන ගන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ දෙයක්. මොකද භාෂාවක් හැසිරවීමේ දක්ෂතාව ඔබට ලැබෙන්නේ මතකය මත නෙමේ, පුහුණුව හා පුරුද්ද මත. එහෙම නැත්නම් හුරු බව මත. ඒ නිසා භාෂාවක් ඉගෙන ගන්න එක, පුරුදු වෙන එක ඔබ දිනපතා ම කරන්න ඕනේ. ඔබ ඒ දේ කොතරම් හොඳින් පිළිපදිනවා ද යන්න මත ඔබ කොතරම් ඉක්මනට භාෂාව පුරුදු වෙනවද කියන දේ ඍජුවම තීරණය වෙනවා.
ක්‍රමය අංක 05 - කියවන්න, ලියන්න, අහන්න, කතා කරන්න.
ඉංග්‍රීසි වේගයෙන් ඉගෙන ගන්න තියෙන ඉතාම හොඳ ක්‍රමයක් තමයි, කියවන්න, ලියන්න, අහන්න, කතා කරන්න කියන්නේ. මේ ක්‍රමය තුල ඔබට සාමාන්‍ය කෙනෙකුට වඩා වේගයෙන් භාෂාව පුරුදු වෙන්න ලොකු හැකියාවක් තියෙනවා.
- කියවන්න කියන්නේ, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ පාඩම් හා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දේවල් කියවන්න කියන එක. මේ දේ කරන කොට, ඔබට ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය ටික අහු වෙන්න පටන් ගන්නවා. වාක්‍ය රටා වන් හුරු වෙන්න පටන් ගන්නවා. අනිත් දේ තමයි, ඔබට ඔබේ මනසේ සම්පූර්ණ අවධානය නැතිව යමක් කියවන්න අමාරුයි ඒ නිසා, ඔබ යමක් කියවන කොට එය ඔබේ මනසට යන ප්‍රමාණය ඉතාම වැඩියි.
- ලියන්න කියන්නේ ඔබ ඉගෙන ගත්ත දේවල් නැවත නැවත මතක් කර කර ලියන්න කියන එක, ඒ වගේම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන දේවල් බලාගෙන පිටපත් කරන්න කියන එක. මේ දේත් ඔබට ඔබේ මනසේ සම්පූර්ණ අවදානය නැතුව කරන්න අමාරුයි. අන්න ඒ නිසා මේ දේ කරනකොට ඔබ ඉගෙන ගත්ත දේවල් තවත් තදින් ඔබේ මනසට ඇතුල් වීම වගේම වාක්‍ය රටාවන් ඔබට ඉතාම තදින් හුරු වීම සිදුවෙන්න පටන් ගන්නවා.
- අහන්න කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන දේවල් අහන්න කියන එක. මොකද ඉංග්‍රීසි කතා කරනකොට ඔබ ඒක සිංහල කතාකරන විදිහට කරලා හරියන්නේ නෑ. ඕනෑම භාෂාවකට තියෙනවා එයට අදාල ශෛලියක්, ඒ ශෛලිය නැතිව කතා කරන්න ගියොත් ඒ භාෂාවේ තියෙන ලස්සන නැති වෙනවා. අන්න ඒ හැකියාව ලැබෙන්නේ. ඔබ ඉංග්‍රීසි කතා කරන විදිහ අහගෙන හිටියොත් විතරයි. නිතර නිතර අහන කොට, ඒ ශෛලීන් ඔබට හුරු වීම සිදු වෙනවා, ඒ වගේම, ඔබට ඉංග්‍රීසි කතා කරනකොට තේරුම් ගන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා.
- කතා කරන්න කියන්නේ , පුළුවන් හැම වෙලාවකදිම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන එක. පීනන්න පුරුදු වෙන්න නම් පීනන්නම ඕනේ වගේ, කතා කරන්න පුරුදු වෙන්න තියෙන එකම ක්‍රමයත් කතා කරන එකම තමයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකදිම වචනයෙන් වචනය හරි කතා කරන්න. ඒ වෙනුවෙන් ඔබට අර අපි කලින් කියපු විහිළුවට ඉංග්‍රීසි කතා කරන ක්‍රමයත් භාවිතා කරන්න පුළුවන්.

Saturday, August 3, 2019

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු (හත්වන පාඩම)

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු
======================

ස්මාර්ට් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් වෙමු.
කොහොමද කොල්ලනේ.. මම දඩිබිඩියේ වැඩ. හදිසියෙ පොඩි බඩු වගයක් මදිවෙලා දිව්වා හන්දියට. ඔලුවෙ දාහක් දෙ තියාගෙන කොළඹ වාහනේ අරං යනවා කියන්නෙ හොදි ඕනෙ නෑ. මම මේ කියන්නෙ මම කරන ට්රික් එකක් ගැන. ඇත්තටම ඒක සාමූහිකව බැලුවම මට පැති කීපයකින් වාසී. මේ කියන්නෙ ටැක්සි ඇප් එකක් ගැන. ඇඩ් එකක් වෙන නිසා නමක් කියන්න බෑ.. කවුරුත් දන්න ප්රසිද්ධම සමාගම් දෙකෙන් එකක්. 😁
වාසි!
තමන්ගෙ වාහනේ ට්රැෆික් දාලා අන්නගෙන තුවාල කරගන්න ඕනෙ නෑ..
පාරෙ පිස්සු කෙලින ඩ්රයිවර්ස් ලා එක්ක මරාගන්න ඕනෙ නෑ..
ඩ්රයිවර් කෙනෙක් පඩියට තියාගන්නවා කියන්නෙ ඉන්න කන්න බොන්න දීලා මාසෙට 35/40 දෙන්න ඕනෙ. ඒකත් අදකාලෙ මදි. අනික එන උන් මොන ගේම දීලා යයිද ශුවර් නෑ..
එක එක වෙලාවට එක එක වාහන වල නිසා තමන්ගෙ පෞද්ගලික ආරක්ෂාව සුරක්ෂිතයි. 
මේක උඹලට වාසිවෙන්නෙ කොහොමද හිතපං උඹ කෙල්ල එක්ක ඩිනර් අවුට් එකකට යනවා.
"සෑර් කිව්වෙ ගෑනුන්ට දත් පාර ගලවන්න දෙන්න එපා කියලා නේද?"
පන්ඩිත කොල්ලෙක් එහෙම අහපි. 🤣🤣
යකෝ එහෙම නෙවෙයි ඉදලා හිටලා කෙල්ල අරං පොඩි සවාරියක් දාපං. ටිකක් වියදම් කරපං. උඹේ එකීනෙ. උනුත් ආසයි අස්සයෙක් පිටේ නැගලා රවුමක් දාන්න. ප්ලීස් තේරුම් ගන්න. ඒවට කියන්නෙ දත් කියලා නෙවෙයි. ඒවා මිනිහෙක්ගෙ යුතුකම්. කුණු ලෝබයෙක් වෙලා කෙල්ලෙක් එක්ක ජීවිත් වෙන්න බෑ. රටේ ලෝකෙ ඇවිද්දපං ලයිෆ් එක ටච් කරවපං. නැත්තම් සල්ලිකාර ආදෙක් කෙල්ල උස්සනවා. 😃
ඉතිං කාලෙකට සැරයක් ඔහොම රවුමක් යද්දි හැමදාම බස් එකේ පෙම් මුල්ලෙ යන්නෙ නැතුව වෙනසකට එක්ක VIP රයිඩ් එකක් දෙන විදිය ගැන මම කියන්නෙ. කරලා බලන්න. ලොකු ගනන් යන්නෙ නෑ. උඹ හිතපං උබලා ඉන්නෙ මහරගම. ලග යන්න නියම තැන දියත උයන. ඒකෙ දියත ස්ටේශන් එක හවසට මරු. ඇවිදින්න දියත වටෙත් ඕනෑතරම් තැන් තියනවා. එහා පැත්තෙ waters edge එකත් නියමයි. ඕවට යන්න බය වෙන්න එපා. සාමාන්ය තැන්ම තමයි. මම කියලා දෙන්නම් ඒවයි ගිහිං ජාමෙ බේරං ඉන්න කන්න ඕනෙ හැටි. ඕඩර් කරන විදි. ලොකු ගනන් අච්චු නොකරගෙන රොමෑන්ටික් විදියට ලව් කරන විදිය.
හරි ඔන්න උඹ ඉස්සෙල්ලාම ගූගල් ප්ලේ ස්ටෝර් එකෙන් අපේ ටැක්සි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේකට සල්ලි යන්නෙ නෑ.. ඊට පස්සෙ ඒකෙ රෙජිස්ටර් වෙන්න ඕනෙ. ඊලගට යන්න ඕනෙ තැන සර්ච් කරන්න පුලුවන්.
Diyatha Uyana කියලා සර්ච් කරා කියලා හිතන්නකො. උඹට පෙන්නනවා කැටගරි 2 ක්.
1. ටුක් ටුක් (ත්රී වීල්)
අපෝ මේකනම් එපා. කෙල්ල දාන් ත්රීවීල් ගානෙ යන්නෙ ඒකි බඩුවක් කරන්නද? මැට්ටො 🤣
උඹට හදිසි පොඩි මොනහරි ගේන්න මේක ලාබයි. ගානත් මුලින්ම පෙන්නන නිසා වීල් කාරයට දත පන්නන බෑ..
දියතට මේකෙ ගාන මහරගම සිට 375/= වගේ..
2. නැනෝ, ඇල්ටො, වැගන් R වගේ සාමාන්ය කාර් එන කැටගරි එක.
මේක තමයි මම සාමාන්ය ගමන් යන්නෙ. මේක මරු. රුපියල් 420/= වගෙ වෙයි. තමන්ගෙ වාහනේ වගේ ආරක්ෂාව සහිතව යන්න පුලුවන් ජෝඩුවට. අනික මේවයි ටැක්සි කියලා හෝ සමාගම් නම් නෑ. ඉතිං ඔයාගෙ වාහනේ කියලයි දකින එකා දකින්නෙ. අදාලම නෑ.. 😃
3. Aqua , Honda Fit, Civic, Prius කැටගරි
මේක ටිකක් විතර ගනන්. ඒත් සැප පහසු වාහන සහ වෘත්තීය මට්ටමේ රියදුරන් මේවයි එනවා. 550/= වගේ වෙයි.
4. VIP
හොදම වාහන. මේවයි නම් යන්න ඕනෙ නෑ. කොළඹ තදාසන්න හයි ක්ලාස් පැති ටිකේ හැර මේ වාහන නෑ. ඒවත් තව රුපියල් 20/= වගේ වැඩ කරයි. හයර් අනුව මේ ඕනම වාහනයක් ඔයාට ඊට පහල ලෙවල් එකට පවා ගන්න පුලුවන්.
අතිරේක වාසි.
රියදුරා සම්බන්ධයෙන් තොරතුරු වාහනයට ඇතුලුවීම ට පෙර බලන්න පුලුවන්. රේටින් බලලා ගන්න. අඩු රේට් අය එක්ක යන්න එපා.
මමනම් යන්නෙ 4.5 වලින් එහා අය එක්ක විතරයි.
සැලකියයුතු දේ..
මේවගෙ යද්දි ප්රියමනාපව සුහදශීලී ව යන්න. ඔවුන් ඔබට මිත්රශීලීව සර් මහත්තයා ලෙස කතාකරනු ඇත. ලොකු සීන් නොදමන්න. මනුස්සකම පතුරන්න. ඇත්තටම ටැක්සි ඇප් ලාබ පාරිභෝගිකයන් ට. ඒ නිසා කීයක් හරි වැඩිපුර දෙන්න. ට්රිප් එක ඉවර වෙලා මතක ඇතුව රේටින් කරන්න. 🌟🌟🌟🌟🌟
පාරිභෝගිකයන් සූරාකන ත්රීරෝද රථ සහ අනෙක් කැබ් සේවා මාෆියා වෙනුවට අපේ රටට පැමින තිබෙන මෙම සේවා ඉතාමත් ප්රයොජනවන් වන බව කිව යුතුය. විශේෂයෙන් ඔබේ වටිනා යමක් වාහනයක් තුල අමතක වුවත් පහසුවෙන් ලබාගන්න පුලුවන්. ඔවුන් ඉතා වෘත්තීමය ලෙස කටයුතු කරනවා.
නිකමට ඔය දුර මීටර් ටැක්සියකින් ගිහිං බලන්න හයර් එක 600/=වගේ වෙයි. සාමාන්ය ත්රීවීල් එකක් ඊටත් වඩා ඉල්ලයි. 🤣 පිලිවෙලකට අදාල තැනට බැහැලා. කෙල්ල එක්ක ඇවිදලා කතා බහ කරලා රිලැක්ස් වෙලා බලන්න. රූම් එකකට රිංගලා කරන පොදු දේට වඩා ජීවිතේ වෙනසක් දැනේවි. ආදරෙත් ශක්තිමත් වේවි. කෑල්ල දත් පන්නනවද කියලත් බලන්න පුලුවන්.

Gentlemens Zone

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු (හයවන පාඩම)

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු
=====================

ආයුබෝවන් ළමයි....

BLACKMAIL
==========
රියල් පිරිමියෙක් නම් කිසිම දවසක කාන්තාවක් බ්ලැක්මේල් කරන්නෙ නෑ. ඒකි අත වරදක් තිබුනා හෝ නැතා තර්ජණය නොකර "අත් හැරීම " තමයි කල යුත්ත. අද අපි කතා කරන්නෙ කෙනෙක් අපිව බ්ලැක්මේල් කරන්න එහෙම නැත්නම් යම්කිසි කාරනයක් දඩමීමා කරගෙන අයුතු ප්රයෝජන හෝ තර්ජනය කරන්න උත්සාහ කරනව නම් කල යුතු දේවල්.
අංක එක.
 ඔය නපුංසකයන් ට බය වෙන්න එපා. කොන්දක් තියන උන් බ්ලැක්මේල් කරන්නෙ නෑ.. ඒ නිසා දිගටම ලිපිය කියවලා ඔයාගෙ හෝ ඔයාගෙ හිත මිතුරෙක් මේ වගේ ප්රශ්ණයක් නිසා පීඩා විදිනවා නම් එයාට මේ කටයුතු ගැන කියාදීලා ප්රශ්ණයෙන් මුදවා ගන්න.
අපිව බ්ලැක්මේල් වෙන්න හේතු
==========================
වැදගත්ම කාරණය මේක. ඇත්තටම මේක වෙන්නෙ අපේම වරදින්. ඒ තමයි අනවශ්ය විදියට මිනිස්සු විශ්වාස කරන්න යාම. වදින්න ගිය දේවාලය ඉහේ කඩාගෙන වැටෙන්නා වගේ අපි කාලා බීලා විශ්වාස කරලා ඇතැම් සංවේදී රහස් මිනිහෙක්ට කියන්න පුලුවන්. ඌ ඒක දවසක ඔයාව බ්ලැක්මේල් කරන්න, පාලනය කරන්න පීඩාවට ලක් කරන්න යොදාගන්න පුලුවන්. ඒ නිසා කිසිම කෙනෙක් වේලක් කන්න දුන්න පලියට, එකට කෑව බිව්ව පලියට, ඉන්න හිටින්න දුන් පලියට ඌට බොක්කෙ තියන හැමදේම වමාරන්න යන්න එපා.. 
උඹ අවංකයි. සේරම වමාරනවා. ප්රශ්ණ කියනවා. අරූ පොයින්ට් එක ටාගට් කරලා දුර්වල තැනින් ප්රයෝජන ගන්නවා. ඉතිං ඕනාවට වඩා අවංක වෙන්න එපා. මම මේ කියන්නෙ කෙලවං අත්දැකීමෙන්. 🤮
රහසක් රහසක් වෙන්නෙ තමන් අතම පමණයි. කාටවත් ඔයාගෙ රහස් කියන්න එපා.. අමාරුයි තමයි. ඊට වඩා අමාරුයි ඕවා එක දෙක වෙලා.... පිට ගියාම.
බ්ලැක්මේල් කරන්න මිනිස්සු පාවිච්චි කරන දේවල්.
කෝල් රෙකෝඩ්
ඔයා කෙනෙක් එක්ක කරපු දුරකතන සංවාදයක් ඔහු පටිගත කරලා තියාගන්න පුලුවන්. ඒවා දවසක පාවිච්චි කරාවි ඔයාට විරුද්ධව. ඒ නිසා පුලුවන් තරම් රහස් දේවල් ෆෝන් වලින් කතා කරන්න එපා. මිනිස්සු එක්ක මිනිස්සුන්ට දොස් කියන්න එපා. ඔයා එක්ක බැනලා ඌටම පෙන්වයි.
වොයිස් කෝල් නැතුව whatsapp පාවිච්චි කරන්න. රෙකෝඩ් කරන්න පුලුවන් සීමාව ඉතා අවමයි. Imo, viber රෙකෝඩ් පුලුවන් ලේසියෙන්. වොයිස් කෝල් කොහොමත් පුලුවන්. මගේ නම් ඔන් ටයිම් වොයිස් රෙකෝඩ් ෆෝන් එකේ. ඒ මගේ ජාතික ආරක්ෂාව උදෙසා. ඒකනෙ පේජ් එකෙන් නම්බරේ ඉල්ලන අයට whatsapp ගන්න කියන්නෙ. මට අනුන්ගෙ පෞද්ගලිකවයට හානි කරන්න අවශ්යම නෑ.. 
කෝල් ෆොටෝස් සහ වීඩියෝ..
ඔන්න විශේෂයෙන් ගෑනු අය වරද්දවාගන්න පොට. ෆේස්බුක් එකෙන් හරිකොහොම හරි අදුරගත්ත මොකෙක් එක්ක හරි වීඩියෝ චැට් කරනවා. රෑට මූ ගන්නවා ඇදේ ඉන්න වෙලාවට. ටික දවසකින් කියන්න ඕනෙ නෑනෙ වෙන දේ.. රෙදි ගලවලා නාන ඒවයි. ඊට එහා ඒවයි අරූට යවනවා තියන වලත්ත කමට සහ මී හරක් කමට. ඊට පස්සෙ කාලෙකදි සම්බන්ධය ඉවර වෙනවා. කෙල්ලගෙ ෆොටෝ වීඩියෝ X___ster එකෙ.... be__g එකෙ…
ඕනම කෙනෙක් චැට් එකක් ඕවර් යන්නම ඕනෙ නම් මූණ නැතුව ඒදේ කරන්න මතක තියාගන්න. කිසිම වෙලාවක තමන්ගෙ බෝයිෆ්රෙන්ඩ් ව වත් විශ්වාස කරලා ෆෝන් එකෙන් අනවශ්ය වීඩියෝ කෝල් ගන්න එපා. ඊට වඩා සේෆ් රූම් යන්න. ☝️
මොකද වීඩියෝ කෝල් ස්ක්රීන් කැප්චර් ඇප් වලින් රෙකෝඩ් කරන්න පුලුවන්. ඉල්ලං කෑමක් තමයි. ගන්න ෆන් එකක් ජාතික ආරක්ෂාව සපයං ගන්න බුද්ධිමත් වෙන්න. මොකද තාක්ෂණය එක්ක හැමදේම අත ලග වෙලානෙ.
වීඩියෝ..
නිකම් හරි කෙල්ල එක්ක රූම් ගිහිං වීඩියෝ කරන්න එපා. ඒක පොන්න කමක්. ඕක බලලා මොනා කරන්නද? නිකං බොරු වැඩ කරන්න එපා. කරලා අහුවෙන්න එපා. ඒවා gentleman ලට ගැලපෙන දේවල් නෙවෙයි. ගිහිං ෆෝන් ඔබන්නෙ නැතුව කරන දෙයක් කරගනින්. 😃😁
කෙල්ලනෙ උඹලගෙ කොල්ලා ෆෝන් එකක් අල්ලනවනම් ගහපිය අල්ලලා පොලවෙ.
"අනේ මැණික මම විතරනෙ බලන්නෙ. මට තනියම ඉද්දි ඔයා මතක් වෙනවනෙ "
ඔහොම කියන රට බයිලාවට අහුවෙන්න එපා. තනියම ඉද්දි උඹව මතක් වෙන්නෙ නෑ.. බලපං උගේ ෆෝන් එකේ වෙබ් හිස්ට්රි එක. මතක් වුණ ඒවා ඇති. 🤣🤣
මමනම් බලල මකනවා. 😁 වෙක් කරාට අහුවෙන්නෙ නෑ... 🤣🤣🤣
අන්න ඒ නිසා නිකමටවත් තමන්ගෙ නිරුවත් චායාරූප වීඩියෝ කිසිවෙක්ට ලග තබාගන්න දෙන්න එපා. එහෙම කරන කෙනා ඔයාට අදරය කරන්නෙ නෑ කියන එක මතක තියාගන්න ☝️
අපි බ්ලැක්මේල් වෙන්නෙ අපේම වරදින් අන්න ඒ නිසා ඒ අඩුපාඩු හදාගන්න. කාටවත් කොනක් ඉතුරු කරන්න එපා.
හොදයි අපි දැන් බලමු අපි පොට වරද්දන් මොකෙක් කරි අපිව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරනවා. අපි මොකද කරන්නෙ.
වීඩියෝ ලීක් කරනවා කිව්වොත්.. 🤔
බය වෙන්න එපා... දාන්න කියන්න. කිසිම අවුලක් නෑ කියන්න. 😊 ඔයා හිතන්නෙ ලීක් වුණේ ඔයාගෙ විතරද? අනික කිසිම කොල්ලෙක්ට ඔය සිංහල පෝන් වීඩියෝ බැලුවා කියලා ඒවයි ඉන්න කෙල්ලන්ගෙ මූණු මතක හිටින්නෙ නෑ.. සමහරුන්ට නම් එහෙම නෑ.. මම කියන්නෙ බහුතරයක් දෙනාට.
හිත හයිය කරගන්න. දැන් වෙන්න තියන දේ වෙලා. පුලුවන් තරම් ඉක්මනට විශ්වාසවන්ත කෙනෙක්ට මේ ගැන කියන්න. දෙමාපියන් හෝ පෙම්වතා හෝ සැමියාට. කමක් නෑ.. ගුටි කන්න බලං කියන්න. මතක තියාගන්න ඔයත් වැරදියි. ඒ නිසා දඩුවම විදින්නම වෙනවා. ඒත් බයවෙන්න එපා. වෙන්න කලින් පරිස්සම් වෙන විදිය කිව්වෙ ඒකයි. විශේෂයෙන් මහත්වරුන් පිටරට ඉන්න නෝනලා මේ වැඩේට මාට්ටු වෙනවනෙ. ගෙදරට යන එන ත්රීවීල් අයියා හරි එක්ක මොකක් හරි පටලං ජීවිතේ නාස්ති කරගන්න මෝඩ ගෑනු දක්ශයි. මනුස්සයා රට ඉදන් ආයෙම එද්දි පත්තිනි සලුව ඇදන් ඉන්න බලනවා. අර හොරාට ඇන්න එකා ඔන්න මල පනිනවා. ඌ ගාව බඩු තියනවා. මිනිහට පෙන්නනවා. ඉන්ටනෙට් දානවා කියලා තර්ජනය කරනවා. සරළව ඔය වගේ කේස් තමයි සමාජයෙ වැඩිම.
සරළව බයයි කියලා පෙන්නන එපා. දාන තැනක දාපං කියන්න. රිපෝට් කරලා අයින් කරවන්න පුලුවන්.
මනුස්සයෙක්ට කරන ඕනැම ආකාරයක තර්ජනයක් අපරාධයක්. ඒවට නීත්යානුකූලව කටයුතු කරන්න පුලුවන්. කරන උන්ව අත්තඩංගුවට ගන්න පුලුවන්.
කාලයක් එකට ඉදපු උන් තමයි ඔහොම කරන්නෙ ඒ නිසා පුලුවන් තරම් උනගෙ ෆයිල් තියාගන්න ඔයා ලග.
තමගෙ ආරක්ෂාව උදෙසා ෆෝන් එකේ කෝල් රෙකෝඩ් හදාගන්න.
ලගම හිතවත් කෙනාට, දෙමව්පියන්ට , පොලීසියට මේ ගැන කියන්න.එයාලා උදව් කරාවි.
බ්ලැක්මේල් කරන එකාව අන්දලා තැනකට ගෙන්නල්ලා දත කට පූට්ටු කරවන්නත් ක්රම තියනවා.ඒත් එහෙම එපා. ඒක මට අනුමත කරන්න බෑ. ප්රශ්ණ වැඩිකර ගැනීමක්.
සාමාන්යයෙන් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් ව සහ වැරදි නොකරන කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න බෑ..
සරළව ඔයාට තර්ජනය කරන්න මොකෙක් හරි ආවොත් බ්ලැක්මේල් එක ගහගන්න කියන්න #$කේ... 🤣🤣
බය වෙන්න එපා.. ☝️💪

Gentlemens Zone

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු (පස්වන පාඩම)

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු!
======================

සැබෑ පිරිමින් කාන්තාවන් සම්බන්ධයෙන් තබාගත යුතු ප්රතිපත්ති
=================================
පලවෙනි අනු මාතෘකාව
ගණිකාවන් සහ මසාජ් ස්පා
======================
ජීවිතේ කිසිම දවසක ගණිකාවක් සමග ඇසුරක් පවත්වන්නෙ නෑ කියන දැඩි අදිටන කොල්ලෙක් වුණාම තියාගන්න ඕනෙ. මොකද උඹලට බඩු පස්සෙ යන්න ඕනෙ නෑ. කිසිම උවමනාවක් නෑ. තේරුණාද? හේතුව තමයි ඔයාලා තමන්ගෙ ගුරුවරයා ගිය අඩිපාරෙ යන කීකරු අනුගාමිකයන් වීම සහ ඩීසන්ට් කොල්ලෙක්ට බඩුවක් අවශ්ය නොවීම. 😊
මේ කියන්න යන්නෙ අමතුම කතාවක්. මේක අහලා සමහරු මගේ ගැන වැරදියට හිතයි. හැබැයි මට අදාලම නෑ.. 🤣🤣 මොකද මම මේක කියන්නෙ උන්ට නෙවෙයි මගේ උන්ට ඒ කියන්නෙ උඹලට. 
උඹලා දන්නවනෙ මම ජීවිතේ නානාප්රකාර ප්රශ්ණ මැද්දෙ ආපු මිනිහෙක් කියලා. ඉතිං 2012 කාලෙ ඉදන් මට පොඩි පෞද්ගලික ගැටලුවක් තිබ්බා. ඒ තමයි කොන්ඩෙ යන එක. ඉස්සර ඉස්කොලේ යන කාලෙ මට තිබ්බෙ ස්ට්රේට් ලස්සන කොන්ඩයක්. ඒත් මම බයික් එකෙන් ක්ලාස් වලට යන්න ගත්ත කාලෙ ඉදන් මගේ කොන්ඩෙ ටික ටික යන්න ගත්තා. මට මතකයි මගේ කෙල්ල දවසක් මුලින්ම ඇහුවෙ " ඔයාගෙ කොන්ඩෙ යනවද කියලා. 😣
මෙහෙම කොන්ඩෙ තුනී වෙද්දි මම තීරණය කරනවා මේ සම්බන්ධයෙන් ප්රතිකාර ගන්න. මම විශේෂඥවරයෙක් මුණගැහිලා Minoxidil 2 කියන බෙහෙත ගන්නවා. ඒක ඇත්තටම හොදයි. මට තිබ්බෙ 60% පිරිමින්ට තියන Male Pattern Boldness තත්වයක්. ඒක ආරෙට, පරිසර තත්වයන්ට සහ මානසික ආතතියට එන්න පුලුවන්. මට මොකක්ද කියලා මුල ඉදන් කියවපු අය දන්නවනෙ. හරි Minoxidil කියන්නෙ බොන බෙහෙතක් නෙවෙයි. දියරයක්. හිසට ගල්වන. ඊට පස්සෙ මට අමතර වෛද්ය උපදෙසක් විදියට ලැබෙනවා මේක ඔලුවට දාන අතර සති දෙකකට වරක් වත් ඔලුවට මසාජ් එකක් කරන්න කියලා. මේ වෙද්දි මම අද වගේම තනියම ජීවිතේ ගෙව්ව නිසා ඔලුව අතගාගන්න කෙනෙක් නෑ. ඒ නිසා මම කල්පනා කලා මොකක්ද කරන්නෙ කියලා.
මම කලුතර ඉදන් කුරුණෑගල ක්ලාස් කරන්න යද්දි අතර මග ගල්කිස්ස පැත්තෙ සහ කඩවත කිරිබත්ගොඩ පැත්තෙ පාර අයිනෙ ආයුර්වේද වෛද්ය මධ්යාස්ථාන තියනවා දැකලා තියනවා ගොඩක්. සම්බාහනය කියලා බෝඩ් තියනවා. මම ඒවට ගිහිං නෑ ජීවිතේට ඒ වෙද්දි මට යන්තම් 22 යි. ලොකු අත්දැකීමක් නෑ සමාජය ගැන. මම ක්ලාස් එකක් කරලා හවස ගෙදර එන අතර ගල්කිස්සෙන් බැස්සා. මැලිබන් හන්දියෙ තියනවා ස්පා. පොඩ්ඩක් පාරෙන් ඇතුලෙ තැනකට ගිහිං මගේ අවශ්යතාව කිව්වා. එතනදි ඩොක්ටර් කෙනෙක් මාව පරික්ෂා කරලා හිස සම්බාහනයකට යොමු කරනවා. එලියට ආවම මට කියනවා කැමති ගෑණු ලමෙක් තෝරගන්න කියලා. මම කෙනෙක් පෙන්නලා එයාව ගන්නවා. මෙතනදි මට ප්රශ්ණයක් ඇයි තෝරාගන්න දුන්නෙ කියලා.
මම හවස දාඩිය පිටින් එන විත්තිය දන්න නිසා එදා සූදානම් වෙලා ආවෙ සබන් කැටයක් එක්ක මගේ ටවල් එක බෑග් එකේ දාගෙන. මම එතනට ගියාට පස්සෙ වොශ් එකක් දාගන්න කියලා ඒ ලමයා මට වොශ් රූම් එක පෙන්නලා සබන් සහ ටවල් එකක් දුන්නා. මම ගෙනාව කියලා ඒක ප්රතික්ෂේප කලා. වොශ් එකක් දාගෙන මම ඇවිත් ඇදුම් ඇදගන්න සූදානම් වෙද්දි මේ කෙල්ල ආවා රූම් එකට.
සිනා සෙමින්,
" ඇයි සර් මේ... ට්රීට්මන්ට් ගන්නෙ නැද්ද?
නෑ ගන්නවා. ඉන්නකො.
"ඉතිං ඇයි ඇදුම් අදින්නෙ." ම්
ඔලුව මසාජ් කරන්නෙ ආවෙ. ඇදුම් ගලවන්න ඕනෙ නෑනෙ නංගි.
නෑ නෑ සර්. කොන්ඩෙ එහෙම වැටෙයිනෙ. අනික බෙඩ් එකේ ඉද්දි ඇදුම් පොඩි වෙනවනෙ. සර් ඔහොම ඉන්න. කමක් නෑ
😊
හරි. නංගි.
කෙල්ල වැඩේ පටන් ගත්තා. මම ඒ අතර එයා එක්ක සාමාන්ය විදියට කතාකලා. මගේ කොන්ඩෙ යන කේස් එක කිව්වා.
සර් මෙතනට එන්නෙනම් සර්ලා වගේ අය නෙවෙයි. එයාලා බලාපොරොත්තු වෙන්නෙ අපෙන් වෙනම දෙයක්. අපි ඒක දෙනවා එයාලට.
සර් ශේක් එකක් ගන්නවද?
මම ඒ මොකක්ද? 😣 මට අවශ්ය නෑ නංගි. ඔයා වැඩේ කරන්නකො.
" අයියෝ සර්. අපිට මේකෙ පඩියක් නෑ. කමිශන් තියෙන්නෙ. සර් දෙන ටිප් එකක් තමයි.
මොකක්ද ටිප් එක?
සර් අපි කස්ටමර්ට අවශ්ය දේ දුන්නම අපිට කස්ටමර් සල්ලි දෙනවා. දැන් සර්.මට සල්ලි දෙන්නෙ නෑනෙ. 😪
නෑනෑ මං දෙන්නම් ඔයාට සල්ලි. ඔයා හොදට ඔලුව අතගාන්නකො දරුවො.
ඒ මං.
ඔයා ඇයි මෙහෙම තැනකට ආවෙ?
ඒක දිග කතාවක් සර්.. මේ ඉන්නෙ මගේ බෝයි. එයා දන්නෙ නෑ මම මේ රස්සාව කරනවා කියලා. අපේ ගෙදර ඉඩම උකසට තියලා සර්.. තාත්තා ලෙඩ ඇදේ.. නංගියි මල්ලියි තාම ඉගෙන ගන්නවා. අම්මා කුලී වැඩ කරලයි අපිව උස් මහත් කරන්නෙ.
මම ඉස්සෙලාම කොළඹ ආවෙ ගාමන්ට්. ඒකෙ පඩියෙන් හැරෙන්නවත් මදි. පස්සෙ යාලුවෙක් තමයි මේක ගැන කිව්වෙ. මෙතන මම දවසට හොද කමිශන් එකක් ගන්නවා. ටිප් එකත් ලැබෙනවා.
මම සියල්ල ඇගෙන් අහගත්තා.
සර් සල්ලි එපා. මම ශේක් එකක් දෙන්නද?
😏
එ එපා. ඇයි සර් මේ වෙව්ලන්නෙ?
ඇත්තටම මම එදා වෙව්ලුවා. පිටස්තර කෙල්ලෙක් ඉස්සරහ නිරුවතින් සිටි පලවෙනි දිනය. ඊට වඩා ඒ ගෑනි මං ඇදන් හිටි ටවල් එක ඇදලා ගැලෙව්වා. ජීවිතේ පලවෙනි වතාවට මූණ දෙන මේ අත්දැකීමෙන් මට අවශ්ය වුණේ සමාජෙ එක් අදුරු පැතිකඩක් ගැන දැනගන්න. ගම් වල අහිංසක කෙල්ලො කොළඹ ඇවිත් ස්පා වල, නයිට් ක්ලබ් වල ජීවිතේ දිය කරගන්නෙ හරිම දුක්ඛිත විදියට. සවන් දුන්නොත් ඒ අයටත් සංවේදී කතා තියනව. ඒත් එයාල කවදාවත් ඇත්ත කියනවා කියලා විශ්වාස කරන්න එපා. මොකද මේ කෙල්ල මගේ එක්ක කතා කරපු විදියට මට දුකක් හිතුනා. ඒත් යද්දි හැසිරිම අනුව මම තීරණය කලා කවදාවත් මේ අය හදන්න බෑ. එයාලා ඒ රස්සාවට ලොල් වෙලා.මිදෙන්න බෑ.. අතපය හරියට තිබ්බත් ආත්මය ලේසියෙන් විකුණන්න යොමු වෙලා. හරිම දුකයි. පව් උන්ගෙ කොල්ලො.
මේ තැන් වලට එන විවිධාකාර මිනිස්සු අතර එන විවිධාකාර විකෘති ආශාවන් වලට ලොල් මිනිස්සුන්ට අවශ්ය සේවා සපයලා මුදල් හම්බ කරන එක විතරයි මෙ අයගෙ අරමුණ. හොද කෙල්ලො ඇති.
ඒත් ශුවර් නෑ. මම නම් ආයෙ දිවි ඇති තුරා ස්පා යන්නෙ නෑ කියල තීරණය කරලා ආවෙ හේතු කීපයක් නිසා.
වොශ් රූම් අපිරිසිදු බව. අපි දන්නෙ නෑ මොන ලෙඩ තියන මොකා පාවිච්චි කලාද කියලා.
පාවිච්චි කරන්න දෙන ටවල් තම්බනවද හෝදනවද දන්නෙ නෑ. මොක්කු පාවිච්චි කරලද දන්නෙ නෑ. සමහර විට ඔයාට කලින් රෑශ් එකක් තියන කෙනෙක් පිසලා වෙන්න පුලුවන්. 😣
මේවයෙ ඉන්න කෙල්ලො කී දෙනෙක්ගෙ අතගාලා ද අපි දන්නෙ නෑ. අත සෝදලා පිරිසිදුව ඉන්නවද ශුවර් නෑ. ලෙඩක් තියන එකෙක්ගෙ අල්ලලා උබේ ඇල්ලුවා කියන්නෙ හරි. අත් කියන්නෙ සියුම් තුවාල තියනවා. ඒකනෙ අතට සර්ජිකල් දැම්මම දන්නෙ. ලිංගික අවයවත් එහෙමයි. ඉතිං මොනන් හිගන්නගෙ අල්ලලා ආවද කවුද දන්නෙ.
මෙම ස්ථන වල රුපියල් 3000-5000 දීලා කෙල්ලො එක්ක ලිංගික කටයුතු කරගන්න පුලුවන්. සමහරු ෆෝන් නම්බරේ දීලා පිටට අරං යනවා. ඕකුන්ට මොන ලෙඩද දන්නෙ කවුද?
කවදාවත් මේ කෙල්ලො සිය කැමැත්ත ඇතුව උඹ එක්ක ඉන්නෙ නෑ. උඹට දෙයක් දෙන්නෙ නෑ. ඒක තනිකර බිස්නස් එකක්, ගණුදෙනුවක්. ආදරයක් නැතුව ගණුදෙනුවක් එක්ක ලිංගිකත්වය අලෙවිකරණය කරන තැනක කෝ අවංක ආදරය හෝ පිරිසිදු හැගීම.? මම නම් පෞද්ගලිකව ඒකට කැමති නෑ..
පිරිමියෙක් ගෑණියෙක් එක්ක ඉන්න ඕනෙ ඒ ගෑණිගෙ පූර්ණ අවසර සහ කැමැත්ත සහිතව. නැත්තම් ඒකෙ රහක් නෑ..
මොහොතක සුවදෙන චන්චල ලෝකයෙ රූපිකාවන් එක්ක ඇමිනෙන්න ගිහිං ජීවිතේ අදුරු කරගන්නවට හොද නැද්ද හොද අහිංසක කෙල්ලෙක් හොයං ඒකිට කියලා ආදරෙන් ඔය දේවල් සීමවක් එක්ක කර ගන්න එක.
ඒ නිසා කවදාවත් ස්පා වලට යන්න හිතන්න එපා උඹලා. 
ගණිකාවන් ඇසුරු කරන්න එපා. 
ජීවිතේ බොහොම සුන්දර දෙයක්, මුදලට මානසික රෝගීන් තෘප්තිමත් කරන කාන්තාවන්ගෙ උගුල්වලට හසු වෙන්න එපා. උඹලා එච්චර දුර්වල නෑ. හිතපං උඹේ කෙල්ල පව්. ගෑණු ලමයි පව්. කොහොවත් යන වේසාවියෙක්ට කියලා හොල්ලන් ඒකිට 1000/= දෙන්නෙ නැතුව කෙල්ලට ඇදුමක්, චොකලට් එකක් අරං දීපං. ගෙදරට දෙයක් අරං පලයං. මම දන්නවා මේක තුල එහෙම කොල්ලො නෑ.
මම ලියන සමහර දේවල් එක්ක උඹලා හිතන්න ඇති සර් නියම බඩුකාරය කියලා. පිස්සුද බං. මම විහිලුවට වත් බඩුවක් ආශ්රය කරලා නෑ. මොකද මම බයයි ලෙඩට. කොච්චර ආරක්ෂාව තිබ්බත් මම ආස නෑ මිනිස්සු එක එකා එක්ක වල බැස්ස ජරා ගොඩකට බහින්න. ඊයා යකෝ.. 😁😅😅
ඕක තනියම කරගනිංකො. 😏
අම්මෝ මේ කෙල්ලන්ගෙ මූණු ටික. රතු වෙලා.. හරින්හරි ලැජ්ජ වෙන්න එපා. ඕවා ලෝකෙ සිද්ධ වෙන දේවල්. ඔයාලගෙ කොල්ලන්ට මේවා කියලා දෙන්න. මගේ ලගට එක්කන් එන්න. ජරා ගෑනු පස්සෙ යන්න දෙන්න එපා. කොච්චර බාවනා කරන් ඉන්න එකා වුණත් හොරාට මේ වගේ වැඩ කරනව වෙන්න පුලුවන්. ඌට මේකෙ ආදීනව කියා දීලා බය කරලා, ජීවිතේ අවබෝධයක් ලබා දෙන්න Gentlemen's ZONE නිතරම උත්සාහය ගන්නවා. දවසක මේකෙ කෝස් එක ඉවර කරලා මේකෙ ඉන්න ජෝඩු දෙකක් තුනක් මමම අත්සන් කරලා බන්දලා දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.. ආ කෝ බලන්න මූණු ටික. ආසයි නේ... 😁😁
කියන්න අමතක වුණා. අර කෙල්ලට මම අනවශ්ය තැනක් අල්ලන්න දුන්නෙම නෑ. හැබැයි එද්දි රුපියල් 1000/=දීලා පුලුවන් තරම් ඉක්මනින් මේ කාලකන්නි රස්සාවෙන් මිදෙන්න කිව්වා. යන්න කලින් එයා මගෙන් එක ඉල්ලීමක් කලා.
"අයියෙ මම ඔයා වගේ කොල්ලෙක්ව මෙතන හම්බෙලාම නෑ. ඒත් ඔයා වගේ පපුවක් තියන කොල්ලෙක් දැක්කොත් මම ටිකක් වෙලා මූණ තියන් ඉන්නවා පපුවෙ."
මේකි යකෝ...
"
මම පොඩ්ඩක් ඉන්නද එහෙම."
ඇත්තටම බොරු කියන්න ඕනෙ.මම ඒ ඉල්ලීමට එයාට ඉඩ දුන්නා.
සමහර විට ටිප් එකක් ගන්න දාපු ට්රික්ස් එකක් වෙන්න ඇති. 😅
1000/=දුන්නා විතරයි මේකි මාරු. මම ආව එන්න. බඩු බඩුමය. යහ මග ගත නොහැක. 😁
ඕකෙ.......
ආස නැද්ද ස්පා එකක කෙල්ලෙක් යහ මගට ගන්න. 🤣🤣 අම්මෝ එහෙම ඉත්තෑවෝ දුවපු උන් මම දන්නවා. අන්තිමේ බඩුව අරං රට ගියා. බඩුව රට ගිහිං වටේ ගියා. 🤣🤣
අහුවෙන්න එපා කොල්ලනෙ... අපේ හොද හිත උන් පාවිච්චි කරනවා හරිම පහත් විදියට. සරළව
ගැහැණියකට සමාවදී වැරදුනාද මන්දා... 🎶
කියලා කියන්න ඉඩ තියාගන්න එපා.
අද පාඩම ඉවරයි. කට්ටිය ගෙවල් වල යන්න. ලබන සතියෙ මාතෘකාව ලියාගෙන තියන්න.
ඒ ප්රධාන මාතෘකාව.
ලිංගිකත්වය කියන තැනදි කාන්තාවක් සම්බන්ධ නියම පිරිමියෙක් තබාගන්න ඕනෙ ප්රතිපත්ති!
එහෙනම් හැමෝටම ජය වේවා...

Gentlemens Zone

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු (හතරවන පාඩම)

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු
=====================


හොදයි අද පාඩම් වෙන්නෙ විභාග. ඒ කියන්නෙ විභාගයට අපි සාර්ථකව මුහුණ දෙන්න පාඩම් කටයුතු කරන්නෙ කොහොමද කියන එක. මෙකද උඹලා පාස් වෙලා කැම්පස් නොගියොත් වෙන්නේ... කෙල්ල අනිවාරෙන් උඹගැන මතකය ගුලිකරලා දානවා... කොහාටද......
කියපල්ලා බලන්න...
අන්න හරි...
හයියෙන් කියපං පුතේ...
කොහාටද?.......
මහවැලියට... 😁
උඹට ඉතිං ත්රීකුණාමලෙන් තමයි ගොඩ ආවොත් ගොඩ එන්න වෙන්නෙ මළේ නැතොත්.. 🤣🤣🤣
ඉතිං කෙල්ල එක්කම කැම්පස් යන්න ආසනම් හරි හොදට ඉගෙනගෙන කැම්පස් ගිහිං පස්සෙ කෙල්ලෙක් හොයාගන්න හරි මෙන්න මේ විදියට වැඩ කරන්න.
බූට් සීන් පිට පාඩම් කිරීම
මේකනම් හරියන සීන් එකක් නෙවෙයි පුතේ.. මොකද පොත අතේ හිත නෙතේ.. නෙතත් උඹේ නෙවෙයි ඒකිගෙ. කෙල්ල බූට් එක තිබ්බ කියලා හරි කෙල්ල කැමැත්ත දෙන්නෙ නෑ කියලා හරි ඒකි ගැන හිත හිත දුක් වුණා කියල වෙන සෙතක් නෑ.. මම කියන්නම් මට වුණ ලස්සන කතාවක්.
ඉතිං උඹලට කිව්වට මොකද මං ඒකි එක්ක යාලු වුණේ ඉස්කෝලේ යන කාලෙ. සාමාන්යපෙළ කරද්දි. මම ඉස්කෝලෙ බ්රයිට් කියලා කලින් කියලා ඇතිනෙ. සා/පෙලට මාස 6 නෑ මට ඒකිට හිත යද්දි. මම මුලින්ම කැමැත්ත යාලුවෙක්ගෙ අතේ ඇහුවම මේකි බෑ කිව්වා. යාලුවො වගේ ඉමු කිව්වා. පස්සෙ මම අතෑරියෙ නැ පස්සෙ ගියා. මැරිච්ච ප්රසංගයා එක්ක බයිසිකල් පදින්න ඇති කකුල් කැඩෙනකම් උගේ.. 😢 අන්තිමෙ කොහොමහරි කෙල්ල මට කැමති වෙනවා... 😥💪 එදා ඉදන් ලව් සික් එකේ තමයි මම හිටියෙ. හැබැයි වාසනාවකට පාඩම් වැඩ වලට මම ප්රමුඛත්වය දෙනවා. මම සා/පෙළ විභාගෙ ගණන් පේපරේ i කොටස ලියලා ඉවර වෙලා එලියට ආවා විතරයි මගේ යාලුවෙක් අතේ එයා පණිවිඩයක් එවනවා.
"අයියෙ අපේ සම්බන්ධය ගෙදරට අහුවුණා" අපි මේක නවත්වමු කියලා.
මට පොල්ලෙන් ගැහුවා වගේ වුණා. නවත්වමු කිව්වම. මොකද ඒ වෙද්දි ලියුම් 100 විතර අපි මාරු කරන් උපරිමව ආදරෙන් බැදිලා හිටියෙ. ඉස්කෝලෙදි තව තව දේවල් වුණා සුන්දර අපි අතර. ඒ නිසා කොහොමවත් කෙල්ල අමතක කරන මට්ටමක් මට තිබ්බෙ නෑ. කොල්ලො එක්ක වලි දාන් ඇති දෙපාර තුන් පාර මේකි පස්සෙන් ආපු. එහෙව් එකේ නවත්වමු කියද්දි මගේ ලපටි මනසට ඒ කාලෙ ඒක ලොකු දුකක්.
මම ඒ ගැම්මටම ගණිතය II ලිව්වා. අවුලක් නෑ. මට පේපර් එක ඊසි. ඒ මොහොතට ගැටලුව අමතක කරන්න මගේ මනස ශක්තිමත් වුණා. මේ මට වයස 16 දි. කොහොමහරි පහුවෙනිදා කන්ෆර්ම්ම වුණා කේස් එක. ඇත්තටම කෙල්ලගෙ අයියලට සම්බන්ධය අහුවෙලා. මේකි ලියුමක් තියාගෙන ඉදලා ලග. වැඩේ ක්ලෝස්. මට බූට්. 😢💔
ඒත් මම විශයන් 10 ( ඒ කාලෙ) හරියට ලියලා උසස් විදියට සමත් වුණා. දැන් මම කියන්නම් මම පාවිච්චි කල ට්රික්ස්.
 ගණිතය වගේ විශයක් නම් පාඩම් කරන්න බෑ. අභ්යාස කරන්න ඕනෙ. ඒ වගේම තමන් ආස සහ පහසු කොටස හදුනාගැනීම ඉතා වැදගත්. ඒකාලෙ මම නිර්මාණ ගානට සහ කුළක පහසුවෙන් කලා. ඒවා මුලින් හදන්න ඕනෙ. එතකොට ලේසියි සහ කාලය ඉතුරුයි. අමාරු කොටස් වලට කාලය ඉතුරු වෙනවා එහෙම කලාම. පසුගිය වසර 10 ක ප්රශ්ණ පත්ර වලට පිලිතුරු ලිව්වා. මේකට මට මාස්ටර් ගයිඩ් පොත් සෑහෙන උපකාරී වුණා. හැම විශයකම මාස්ටර් ගයිඩ් පොත් මම කලා.
සිංහල සහ සාහිත්ය මම ආසම විශයක්, විද්යාවත් එහෙමයි. හැම විශයකම කෙටි සටහන් ලිව්වා. පසුගිය ප්රශ්ණ පත්ර කලා. විශේෂයෙන් සිලබස් එකේ නෝට් කවර් වුණාම ඒවා කියවලා කාලය නාස්ති කරන්න එපා. අපේ රට 100% විභාග මත නහින රටක් ඉතිං විශය දැනුමට වඩා විභාගෙදි ගේම ගහන එකා තමයි දිනන්නෙ. ඒ නිසා පාඩම් කිරීම අමතකම කරන්න.
පාස් පේපර් විතරක් කරන්න. ඔය එකම ටික තමයි කරකවලා දෙන්නෙ. හැබැයි පාස් පේපර් කරද්දි අවුරුදු කීපයකදි සිලබස් අප්ඩේට් වෙන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. මමනම් ආසාවට පරණ සිලබස් පාස් පේපර් පවා කලා. හැබැයි වඩා වැදගත් තමන්ගෙ සිලබ්ස් එකේ වසර 3 ක මෑතකාලීන පාස් පේපර් වලට පිලිතුරු ලියන එක. ඊට පස්සෙ ඊට අදාල පාඩම පාඩම් කරන්න, බලාගන්න අවුල් නම්.
ඒක තමයි මගේ ට්රික් එක.
පාඩම් කරන්නෙ කොයි වෙලාවටද?
මම උදේ 5.30 ඒ කාලෙ නැගිට්ටා. කලින් දා රෑ ඇදුම ලස්සනට මැදලා, සපත්තු දෙක පොලිශ් කරලා පිලිවෙලකට බැනියම්, අන්ඩවෙයාස් හදලා තියෙන්නෙ. වෙලාවට ලේසියෙන් ඉස්කෝලෙට යන්න. මටනම් ලොකු දුරක් තිබ්බෙ නෑ.. කිලෝමීටර් 2යි.
මම දවස් බෙදා ගත්තා විශයන් වලට. කාලසටහනක් හදලා කාමරේ ඇලෙව්වා. ඒ අනුවයි පාඩම් කලේ. හිතුන හිතුන වෙලේ හිතුන හිතුන එක පාඩම් කරන්න එපා. මොකද මොලය කියන්නෙ මතක් ගබඩාවක්. ඒකට පිලිවෙලට දැනුම පැක් කරන්න ඕනෙ. එතකොටයි පිලිවෙලට මතකය ආවර්ජණය වෙන්නෙ. 💪
අමතර පන්ති
මට ගෙදරට ගුරුවරු ඇවිත් ඉගැන්වුවා. සාමාන්ය ක්ලාස් වලට ගියෙ සෙමිනා වලට විතරයි. අපි ගෘප් ක්ලාස් තමයි කලේ ගෙදර. ඒවයි වුණ නියම සීන් තියනවා. ලියන්නම් 😁🤣🤣🤣 වෙලාවක.
අනිවාර්යයෙන් අමතර පන්ති නොයානම් ලංකාවෙ විභාගය ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන් හරි ගුරුවරයෙක් තොරන් දිගටම ක්ලාස් යන්න. මට සියලු ප්රධාන විශයන් වලට නියම ගුරුවරයා සෙට් වුණා. මම A දාලා දුන්නා. 💪
විභාගය පීඩනයක් කරගන්න එපා.
කෙල්ල නිසා මම ටෙන්ශන් වුණේ නෑ. මට විභාගය තමයි මූලික වුණේ. දුකක් නැත්තෙ නෑ.. ඒත් මම විභාගය වෙනුවෙන් ඒක අමතක කලා. අනික මම ෆේල් වුණොත් මට කෙල්ල බලන්න ආයෙ ඉස්කෝලේ එන්න බෑ. ඉතිං මම උනන්දුවෙන් ලිව්වා. A/L කරන්න ඉස්කෝලේ ආයෙ ආවා. බලද්දි කෙල්ල එහෙම පණිවිඩයක් එවලා නෑ. අර පණිවිඩය එව්ව යාලුවා ඔක්කොම කියලා තියෙන්නෙ බොරුලු. ☺️
කොහොමද ඒක. එක්කො ඒකි බොරු කිව්වා නැත්තම් යාලුවා බොරු කිව්වා. යාලුවා කෙල්ලෙක්. මගේ කෙල්ලගෙ ගෙවල් ගාවමයි ඒකිගෙ ගෙවල්. ඉතිං මේවගේ මනස සියවුල් වෙන නන්නත්තාර ප්රශ්ණ එන්න පුලුවන් උඹලා විභාගයට සූදානම් වෙද්දි. ඒ ආවා කියලා ඔලුව නරක් කරගන්න එපා. යාලුවො එක්ක නටන්න යන්න එපා. අපි ඒ කාලෙ බිව්වෙ, ගංජා සිහරට් ගැහුවෙ නෑ. ඒ නිසා අද මෙහෙම ඉන්නවා. පොඩි වයසෙ කෙල්ලො එක්ක යාලු උන එක තමයි කරගත් ගොං කම එහෙමත් නොකර හිටියනම් අද මේ පේජ් එක කියවන තුන් කුලුදුල් හිරිමල් කෙල්ලෙක් බැදගන්න තිබ්බා මටත්. 😥😢
මම කියන්නෙ මෙච්චරයි ඉගෙන ගන්න කාලෙ අනිවාර්යයෙන් මූලික අවධානය ඒකට දෙන්න. මොකද ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ.
අර සිංදුවක් තියෙනෙ..
බාල කාලෙ ආයෙ එන්නෙ නෑ...
වැරදුන තැන යලි හදන්න බෑ.. කියලා.
ඒ ඉස්සර දැන් ඔන්න හදනවලු. 🤣🤣
හොදයි ඒ වගේම මම පාඩම් මතක තියාගන්න තව කෙටි ක්රමයක් භාවිතා කලා. ඒක නම් හැමෝටම හරියන එකක් නෑ. මම පාඩම් කලේ පරණ සිංදු අහ අහ.
ඊට පස්සෙ මම සිංදුවෙ තාලෙට ඒ පාඩම් කිව්වා. 🤣
පිස්සු නේ. 
හැබැයි මට ඒක හරි ගියා. පාඩම් හිටියා.
තව විදියක් මම ප්රධාන කෙටි සටහන් ලියලා බිත්තියෙ ඇලෙව්වා.
"මම වෛද්යවරයකු වෙමි! "
කියලා ගැම්මට කාමරේ ගැහුවා.
අන්තිමේ ඒකනම් වෙන්න බැරි වුණා..😢
දැන් නම් ලෝක වෙදෙක් වෙලා ඉන්නවා පාඩුවෙ. කොහොමෙන් කොහොම හරි ඔය වගේ ට්රික්ස් වලින් එක්සෑම් එක ගොඩ දැම්මා.
තව මම දෙයක් කලා. දැනුම අඩු අයට මම ක්ලාස් කලා. ඒකෙන් මගේ දැනුම පොලිෂ් වුණා. මම මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක්ට ගෙදරටම ගිහිං මාස 6ක් ගණන් කියලා දුන්නා. එයා පලවෙනි පාර ෆේල්. මම පාස් කලා. ☺️💪 තව ගෑනු ළමයි ගෙදරටම ආවා පාඩම් කරන්න. (අනම්මනම් හිතනවා නෙමෙයි 🤣😁)
අර අක්කයි මමයි තමයි ගණන් නම් පාඩම් කලේ.
මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලට විභාගය ලේසියෙන් ජය ගන්න මනස සකස් කරගන්න පුලුවන්. එහෙනම් මේ දේවල් වලින් කෙල්ලො ගෙදරට ගෙන්නන් පාඩම් කරන එක සහ අක්කලාගෙ ගෙවල් වල ගිහිං ගනන් හදන එක හැර අනිත් ඒවා ඔයාලා අත්හදා බලන්න. O/L , A/L, වෙනත් කියලා නෑ මේ ක්රම තමයි තියෙන්නෙ.
කෙටි සටහන්
පාස් පේපර්
හැමෝටම ජයග්රාහී විභාග මානසිකත්වයක් ලබේවා..

Gentlemens Zone