677717163024268_677717196357598 Gentlemens Zone: මෙහෙමත් යාලුවො.

Sunday, June 23, 2019

මෙහෙමත් යාලුවො.

මෙහෙමත් යාලුවො.
කොල්ලො මේ කතාව හොදට හිතට ගන්න ඕනෙ. ඉන්නකම්, තියනකම් වටේ ඉන්න ගොඩක් උන් අපිට කෙලවුණාම ලගපාතක නෑ..

මේ.. ඉර හද යට හමුවී...
කතා කරපු අය සිනා නගපු අය
ලගපාතක වත් නෑ... 💔
මේ කතාව මගේම ගැන කියන සත්ය කතාවක්. කතාවෙ නායකයා මම නෙවෙයි. ප්රසංග කියලා මගේ යාලුවෙක්. ඌයි මමයි කොච්චර එකතුද කියනවනම් මොන්ටිසෝරියෙන් පටන් ගත්ත මිත්රත්වයක් ඒක. අපි දෙන්නම එකම ගමේ. එයා කිලෝමීටර් දෙකක් වගේ ඈතින් හිටියෙ. පොඩිකාලෙ ඉදන් ප්රසංග හරිම සංවේදී කොල්ලෙක්, ඌට සුලු දේටත් ඇඩෙනවා. හරිම අහිංසකයි. මාත් එක්ක පන්ති යන්නෙ, මාව දාගෙන සයිකල් පදින්නෙ ඌ. කොටින්ම කිව්වොත් මගේ ප්රථම ප්රේමය වෙනුවෙන් හොදටම දරදිය ඇද්දෙ මේකා. 😢
මම ඉස්කෝලේ ගණන් වලට දක්ෂ ළමෙක් ඒ කාලෙ. ප්රසංගට වැඩිය ගණන් බෑ. ඉස්කෝලේ ඉවර වෙලා මගෙන් ගොඩක් ලමයි ගණන් අහගත්තා, ඒ අතර ප්රසංගත් හිටියා. පැයක් විතර මම යාලුවන්ට උදව් කරලා අපිදෙන්නා එක්කම ගෙවල් වල යනවා. මාව ගෙදරින් බස්සලා ප්රසංග යනවා. මෙහෙම යද්දි සාමාන්යපෙල විභාගය ආවා. අපි ඊට සාර්ථකව මූණ දුන්නා. මට A7, B2, C1 සම්මානය චිත්ර වලට ගණිතයට මට A තිබුණා. ප්රසංගට B එකක්. අපිට හරිම සතුටුයි. අපි දෙන්නම ඉස්සර වැඩිය දක්ශ නෑ. මට මතකයි මම 7-8 පන්ති වලදි පන්තියෙ 30 වගේ. ඒත් ඉස්කෝලෙ 11 වසර අවසාන වාර විභාගෙ මම 2 වුණා. ඒ කැපකිරීමේ තරම අධ්යාපනය වෙනුවෙන්. මට කෙලවුණේ එතැන් පටන්. කෙලවුණා කියන්නත් බෑ. මොනා වුණත් ගමණ ටිකක් වෙනස් වුණා. ඒක වෙන දවසක කියන්නම්කො. 
ප්රසා කොමස් වලට කැඩුනා, මම සයන්ස් කලා, ඊට පස්සෙ තමයි අපි අතර යාලුකම ටිකක් විතර දුරස් වෙන්න ගත්තෙ. මම A/L වලට මාතර ආවා. මොකද අපේ ඉස්කොලේ හරියට උසස්පෙළ ජීව විද්යා ගුරුවරයෙක් නොහිටි නිසා.
මෙහෙම කාලය යද්දි උසස් පෙළ විභාගයත් අවසන් වෙනවා. අපි දෙන්නටම කැම්පස් යන්න බැරි වුණා. 😂
ප්රසා එයාපෝට් එකේ හොද රැකියාවකට ගියා. මම බිස්න්ස් වලටයි, ටියුශන් වලටයි බැස්සා. එහෙම්මම මම රට වටේ ඇවිද්දා මිසක් යාලුවො ලොකුවට ආශ්රය කරන්න බැරිවුනා. නිවාඩුවට ගමේ ආවම අහම්බෙන් තමයි යාලුවො හම්බෙන්නෙ. වැඩිය රන්චු ගැහෙන පුරුද්ද අපේ නෑ. මෙහෙම යද්දි මගේ යාලුවො ගොඩක් මාව හොයන් එන්නෙ උන්ගෙ ෆෝන් වලට මොනහරි වුණාම. එක්කො අලුත් එකක් ගන්න. ප්රසත් එහෙමයි. මට මතකයි ඌ ලුමියා එකක් අරං ආවා අදවගේ සෙටින්ග්ස් හදාගන්න. මිනිහට රජයේ ස්තීර රැකියාව. පේශීට් එක 90,000 පැනලා තිබ්බා, ලස්සන බයික් එකක් අරන් තිබ්බා. ලෝන් එකක් අරන් ගේ හදලා තිබ්බෙ. මේ අතර එයාට කෙල්ලෙක් හිටියා. කෙල්ල හරිම අහිංසකයිලු. ඒත් ගෙවල් වලින් මේ දෙන්නට ප්රශ්ණ තිබුණා මුල් කාලෙ. ප්රසංග මා එක්ක ඒවා ටික ටිකයි කිව්වෙ. ඒත් කොහොමහරි ගෙදරින් කැමැත්ත ලැබුණා දෙන්නට.  ඊට කලින් කෙල්ල පන්නන් යන්න ඇහුවෙත් මගෙන්. මම උපදෙස් දීලා ඒක වැලැක්වුවා ඒත් අද හිතෙනව ඌට ඒක කරන්න දුන්න නම් ඌ තාම ජීවත් වෙනවා කියලා. ඔව් බං. ප්රසා මැරුණා. 😢 ඌ එල්ලිලා මලා සහෝ.. මගේ යාලුවා අපි කාටත් නොකියා සදහටම සමුගත්තා. ඌ මැරුනෙ ඇයි කියන එක අදටත් අභිරහසක්.
ගිය අප්රේල් සිංහල අවුරුද්දට දවස් කීපයකට කලින් මම හිටියෙ මගේ හදාගෙන යන අලුත් නිවසේ වැඩ වල. බාසුන්නැහේලා එක්ක චැට් එකක් දාන් ඉන්න අතරෙ මල්ලිගෙන් කෝල් එකක්. "අයියෙ ප්රසංග අයියා එල්ලිලා"
මට උතුර දකුණ මාරු වුණා.
"මොකක්" අනේ දෙයියනේ ප්රසා.... උඹ මේ මොකක්ද කර ගත්තෙ.
කොල්ලා ගමේ එන්න ඉදලා තියෙන්නෙ. වෙඩින් එකට කාඩ් ටික බෙදන්න. ඒත් කොළඹ පොඩි අක්කගෙ ගෙදරදි අහිංසකයා එල්ලිලා කාටත් හොරා.
ඔන්න මෙතන ඉදන් තමයි කතාව පටන් ගන්නෙ. අපි යාලුවො හැමෝම ගියා හවස ප්රසංගගෙ මල ගෙදර. හැමෝම දැන් සීසීකඩ නිසා සෙට් වෙන්නෙ මලගෙයක් දානෙ ගෙයක් පිරිතක් බණක් වුණොත් තමයි. නැත්තම් ගෙට් එකකදි. ප්රසංගයා පහුගිය එක ගෙට් එකකටවත් ආවෙ නෑ. ප්රසංගලා ගමේ නමක් තියන් ඉන්න මිනිස්සු, මළගෙදර එක ජන ගංගාවයි. හැමෝටම පුදුමය මිනිහා කරගත්තු දේ. අපි ගියා විතරයි ගෙදර අයට දුක වැඩී. ඇයි එයාලගෙ මල්ලි වගේම අපිත්. අපිව බදාගෙන ඒ මිනිස්සු දුක කියනවා. මම ප්රසංගගෙ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වුවා. පොඩිකාලෙ ඉදන් ඉදපු යාලුවා මලා කිව්ව ශොක් එකෙන් මම කම්පනය වෙලා හිටියෙ. උගේ කකුල් අල්ලලා වැදලා මම එලියට ආවා. 😢
එලියට ඇවිත් යාලුවො එක්ක කතාවක් දාන් ඉද්දි කට්ටිය සෙට් වෙන්න ප්ලෑන් කරනවා. අපෙ ගෙදරත් දඩමස් වගයක් උයලා තිබ්බා. ස්ටොක් එකකුත් තිබ්බා කිලෝ කීපයක්. වැඩේට ඒක දෙන්න මම නෙගෝශියේට් වුණා, බෝතල් අනික් උන් ගානෙ. අපිට ඉන්නවා බාර් එකක අයිතිකාරයෙක්. ඌ ගෙනාවා රම් තුනක්. නිකන් නෙවෙයි යකෝ.. සල්ලි වලට උගේ තාත්තගෙ බාර් එක 😂😂
කට්ටියම ගියේ මගේ හදාගෙන යන නිවසට. කවුරුත් නෑ. කරදර නෑ. අවහිර නෑ. 😁 මහ ගෙදර ආපු ආපු රථටික ගාල් කරලා අපි වැඩේට සෙට් වුණා. පාං, බයිට්, රසවත් මස් හොද්ද, සමග මධුවිත අපිට ප්රසංගව අමතක කලා. කොහොම හරි රෑ බයිට් මදි වෙලා ස්ටොක් එකේ තියන කිලෝ ටිකත් ඉවර කලා. කුක් වුණේ අපිමයි. මගේ කුස්සියෙ යාලුවො වැඩ. එකෙක් ඩෙවල් එකට කෙසෙලුත් දාලා.. පස්සෙ දන්නෙ 😂😂
ඔහොම යද්දි බඩු මදි වුණා. ආයෙ ගේන්න ගියාට රම් නෑ. ලෙමන් ජින් දෙකක් ආවා. හොදි ඕනෙ නෑ.. කලවන් වුණා ලෙසටම. 🤨
රෑ 12 හමාර වගේ වෙද්දි වැඩේ ඉවරයි. දැන් අපිට මළගෙදර යන්න හිතුනා ආයෙම. ඔතන ඉදන් තමයි සී සෑම ආරම්භ වෙන්නෙ. එකා එකා බයික්, ස්ටාර්ට් කරන් යනවා දැන්. අපේ මලයත් ගියා කා එක්කද මන්දා. මම බිව්වම වාහන ගන්නෙ නෑ කියලා නෑ. මම ගන්නවා. මොකද මට මාව ශුවර්. ඒත් මේ වරද මේක කියවන ඔයාලා කරන්න එපා. ඒක නීති විරෝධී වැඩක්. දැන් මම කරන්නෙ නෑ. පනිෂ්මන්ට් කාලා. මම බයික් එක නැතුව කාර් එක ගත්තා සැපේ යන්න පුලුවන් නිසා. කොල්ලො ටික මට කලින් ගිගිං මාත් ගියා හැබැයි හෙමින් නෙවෙයි. ගමම හොල්ලන් බීට් එකට. 🤨🤣🤣🤣
මළගෙදරට දාද්දිම කොල්ලෙක් පැනලා හෝව් හෝව් ගෑවා. සමහර විට පාකින් නෑ කියන්න වෙන්න ඕනෙ. ඒත් මම ඌට වෙට්ටුව දාලා ගියා. වාහනේ නවත්වලා ඇතුලට ගියාම යාලුවො ටික බොඩි එක වට කරන්. ප්රසාගෙ අම්මා එක විලාපයයි. අක්කලා ඊට දෙවෙනි නෑ. 😢
මට මේ වෙද්දි ඇඩිලා. මට චිත්රපටයක් වගේ මතක් වෙනවා ආයෙම ප්රසංග එක්ක ඉදපු හැටි, කරපු දේවල්, ගියපු තැන්. මගේ යාලුව මට නොකියා මෙහෙම දෙයක් කරගත එකට මට ක්ෂනිකව ආවා හරිම පුදුම කේන්තියක්. මම කේන්තියට ඌට හොදටෝම බැන්න..
උඹ ඇයි ප$%යො අපිට නොකියා මෙහෙම විනාසයක් කරගත්තෙ. අපි නොකුන්ද කියලා. මම හොදටම බැන්න ප්රසංගට. මම බිව්වා තමයි ඒත් ඒ දුකට වගේම මං ඌට ආදරෙයි. යාලුවො හැමෝම මගේ දිහා බලන් ඉන්නවා මම කෑගහනවා. කොහොමහරි කට්ටියම මාව ඇදන් ගියා එලියට මට මතකයි. මම සරමක් ඇදං මල ගෙදර ඇවිත් තියෙන්නෙ. ඒකත් උස්සන් කැහිපොටේ ගහං මුං ටික දැන් මාව උස්සන් යනවා. මට තවත් මල උන් එක්කත්. දෙන්නෙක් තුන්දෙනෙක්ට අතපය වදින්න ඇති. මෙයාලා මාව අරං වාහනේ ලගට ආවා. ඇත්තටම කිව්වොත් මං උන් ඇදන් ආවෙ. 🤭
එකෙක් කාර් එකේ යතුර උදුරගන්න දැන් ට්රයි එක මගෙන්. මගෙන් එක කරන්නනම් ටිකක් අමාරුයි. මම දුන්නෙ නෑ. කොහොමහරි මල්ලිට ආරංචි වෙලා මම යකා නටනවා කියලා මලගෙදර. මල්ලි ආවා.
ඕකගෙන් වාහනේනම් ගන්න බෑ කියනවා මට මතකයි. මොකද ඌ අත්දැකීමෙන් දන්න නිසා. අන්තිමේ මම නැගගත්තා කොහොමහරි අරුන් එක්ක දගලලා කාර් එකට. එකෙක් පැනලා ඉස්සරහින් නැග්ගා. මගේ ආරක්ෂවට වෙන්න ඕනෙ 😂
බෝක්කු උඩින්, වෙල් යායවල් අතරින් බල්ලොන්ගෙ පිටවල් උඩින් මම ධාවනය කරා. යට එහෙම වදිනවා. අරූ කෑ ගහනවා.
" පිස්සුද යකෝ තොට.? "
තෝ නැග්ගෙ මොකද බල්ලො මේකට 😖
කොහොමහරි මම ගෙදරට ආවා. අරූ බැස්ස ගමන් අනේ මචන් මට ගෑනියි දරුවයි මතක් වුණා කිව්වා. ඌ ගියා පස්සෙන් ආපු එකක නැගලා. ඌ බැදපු එකෙක් 🤭😪
මම ශේප් එකේ ගෙට රිංගලා නිදාගත්තා. උදේම මල්ලි පටන් ගත්තා, ඊට පස්සෙ අම්මා. ටිකකින් කෝල් එනවා. අය්යෝ මල්ලි ඊයෙ රෑ මොකෝ වුණේ.. අයියෝ ලොක්කා. චාටර් ලොක්කා. ගමටම නෝන්ඩියි. 🤮🤮
කොහොම හරි මේක මට ලොකු අත්දැකීමක්. දුක ලැජ්ජාව. සමහරු ෆේස්බුක් එකේ හින්ට් කරලා තිබ්බා. ගමට උපදෙස් දෙන එකෙක් මළගෙදර බයිට් වෙලා කියලා 🤣🤣🤣
අම්මෝ ඒක. ආයෙනම් නෑමයි. බීලා මලගෙවල් වල යන්නෙ. පහුවෙනිදා හවස අවසන් කටයුතු වලට ගෙදර අය එක්කම පිලිවෙලකට ගියා. ඒත් මම එතන බයිට් යාලුවො බනිනවා. කොහොම හරි ඒකෙන් ගැලවිලා ප්රසංගට අවසන් ගෞරවය දක්වන්න අපි ලෑස්ති වුණා. පවුලේ සුසාන භූමිය තුල සියල්ල සූදානම්. බදින්න හිටි කෙල්ල ඇවිත් පස් කකා ඇඩුවා. අපිත් එහෙමයි. හොදටම ආර්තිකයක්, රස්සාවක්, පදනමක් තිබ්බ කොල්ලෙක් යන්නම ගිහිං. හිතාගන්න බෑ මොකක්ද ඌට තිබ්බ ප්රශ්ණ කියලා. ඒක අදටත් රහසක්.
මේ කතාවෙන් ගන්න තියන දේ තමයි අපි අපේ ජීවිතේ ප්රශ්ණ ආවම ඒකට විසදුම විදියට ජීවිතේ හැර යනවා. අවසානෙ අපිට අපිට සහ ආදරණීයන්ට අපිව අහිමි වෙනවා මිසක් අනිත් එකෙක්ටවත් ගානක් නෑ. සතියෙන් ඔක්කොම අමතකයි. යාලුවො බීලා ආතල් ගන්නවා. උඹේ මිණියටත් ගහනවා. ඔච්චරයි. කෙල්ල ටික කාලෙකින් කසාදයක් කරගනියි. හම්බකරපුවනම් සහෝදරයෙක් හරි ගනියි. ඒත් ඇයි උඹ එහෙම වෙන්නෙ. පිරිමියෙක් නම් කොන්ද කෙලින් ප්රශ්ණ වලට මූණ දෙනවා මිසක් පැනලා යන්නෙ නෑ. ඒක හොදට හිතට ගනින්. ජීවිතේ නානාප්රකාර ගැටුම්, ගැටලු, ප්රශ්ණ, අභියෝග තමයිකොල්ලෙක් තමන්ගෙ පිරිමිකම ඔප්පු කරන්න ලැබෙන හොදම අවස්තාව. සොභාව ධර්මයාගේ පරික්ෂාව. ඒක ජයගන්න හැම පිරිමියටම බෑ.
ප්රසංග උඹට නිවන් සුව 

No comments:

Post a Comment