ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු
========================
(තුන්වන පාඩම)
========================
(තුන්වන පාඩම)
කොහොමද කොල්ලනේ.. අද මට පොඩ්ඩක් එන්න පරක්කු වුණා. බිස්නස් වැඩකට එලියට ගියා. ඔයාලා ක්ලාස් එක ගාව බලං ඇති කියලා මතක් වුණා. ඒත් මම පරක්කුයි. මේවා මේ ක්ලාස් ආපු කෙල්ලො රෑ වෙනකම් තියාගන්න ගහන ගැට එහෙම නෙවෙයි හොදේ.. 😂😂😂
ගිය සතියෙ පාඩම ආපු නැති අයට 👇
හරි අද වැඩිය අතුරු කතා නැතුව පාඩමට එමු. ගිය සතියෙ මම කිව්වා අද මූල්‍ය කලමණාකරණය සහ එහි වැදගත් කම. ගැන කතාකරනවා කියලා. ඇත්තටම මම අද කියා දෙන්නෙ සල්ලි කොහොමද ඉතුරු කරන්නෙ කියලා. හැබැයි මේ ක්‍රමය හොදටම ගැලපෙන්නෙ රැකියාවක් කරන කෙනෙක්ට වඩා තමන්ගෙම බිස්නස් එකක් කරන කෙනෙක්ට. රැකියා කරන කෙනෙක් මාස් පඩි ගන්න නිසා උපයන මුදලට එකවර තට්ටු වීමේ සම්බාවීතාව ඉහලයි. මොකද ගොඩක් අය පඩිය ලැබෙනකන් ණය වෙනවා. පඩි ගත්තම කරන්නෙ අර ණය බේරීම. ඇත්තටම මේක බොහොම කණගාටු දායකයි. බෝඩිමකට ගෙවාගෙන ගෙදරටත් ගානක් යවලා බොහොම අමාරුවෙන් ඉතුරු කරන්න ගියත් මොකකට හරි ඒක වියදම් වෙනවා. මම වෙනම දවසක ජොබ් කරන අයට ඉතිරි කරන්න ක්‍රමයක් කියා දෙන්නම්. අද බිස්නස් කාරයන්ට මේ කියලා දෙන ක්‍රමය උත්සාහය කරලා බලන්න.
මම රස්සවක් ජීවිතේට කරලා නෑ. කිසිම කෙනෙක් යටතේ සේවය කරලා නෑ. මම ඒක කියන්නෙ අලි ඔලුවෙන් කියලා උඹලා හිතන්න එපා. මට එහෙම බෑ.. කැමති නෑ. ඉතිං පොඩිකාලෙ ඉදන් කරේ රැකියාවක් වෙනුවට දෑතේ කර්මාන්ත. 😁 ඉස්සෙලාම කොම්පියුටර් හැදුවා. පස්සෙ ෆෝන්. මම මුල ඉදන්ම බිස්නස් එක මැනේජ් කලා. මම කොම්පියුටර් 3 කින් පටන් ගත්ත බිස්නස් එක මාසෙට කොම්පියුටර් 15 සේල් කරන්න ඩිවලොප් කලා. ඒ කාලේ කොම්පියුටර් එකක් කිව්වම හෙන ලොකුයි.මම රීකන්ඩිශන් ඩෙල් ඩෙස්ක්ටොප් මැශ්න් තමයි වික්කෙ. ඒවා ආෆ්ට සේල් ලේසියි. හාඩ් එහෙම ගලවන්න ඇණ තිබ්බෙනෑ. ලස්සන ප්ලාස්ටික් ට්‍රේ එකකින් තමයි හවුසින් කරලා තිබ්බෙ.ඒ වගේම ලෙඩ අඩුයි. මට සෙට් වුණා USA ඉදන් ඒවා ඩිරෙක්ට් ගේන තැනක්. මම එතනින් අරන් 5000/= ලාබ තියන් වික්කා. මා සෙට කෑලි 10-15, ඒ අතර ප්‍රින්ටර්, ස්කෑනර් ,UPS , PEN, Keyboard , Mouse , කෑල්ල දෙක ගෙනත් ස්ටොක් එක අප්ග්‍රේඩ් කරා. සාමාන්‍යයෙන් එකක් විකිනෙද්දි මම දෙකක් ස්ටොක් එකට දාන්න පුරුදු වුණා. එව් අතර රෙපෙයාර් සේල් එකෙනුත් හොද ප්‍රොෆිට් තිබ්බා. අහල පහලා ආයතන සේවා ගත්තෙ මගෙන්, ප්‍රින්ටර් කාට්රීජ්, ටෝනර්, රිබන් මම දැම්මා. මෙහෙම බිස්නස් එක දියණු කරන් යද්දි මම විවිධාකාර මුදල් ඉතිරිකිරීමේ ක්‍රම අත් හදා බැලුවා.
1. ග්‍රාමීය බැංකුවක දිනපතා මුදලක් ඉතිරි කිරීම.
මේ ක්‍රමය ඉතා පහසුයි. මොකද ගොඩක් ප්‍රාග්ධන, #සර්වෝදය #RDB වගේ ක්ශුද්‍ර මූල්‍ය ආයතන ශොප් වලටම ඇවිත් සල්ලි ගන්නවා. ස්ලිප් අතේ පුරවලා දීලා. එහෙම වුණාම දවසට 500/= ගානෙ දාන් ගියාම නිකම්ම මාසෙට 15,000/= ඇවිත්.ඒ නිසා අදම ග්‍රාමීය බැංකුවක ගිණුමක් ඇරලා දවසට 100/= හරි දාන්න. ඒක ගන්න එපා. ✋
2. අවශ්‍යනම් පමණක් චෙක් ගණුදෙනු කරන්න.
මම මුල ඉදන් චෙක් පොතක් හදා ගත්තා. ඒ කාලෙ මහජන බැංකුවෙ ඒක හැදුවෙ රුපියල් 25,000/= ක් හෝල්ඩ් කරන්. ඒ වගේම චෙක් පොතක් තියන කෙනෙක්ගෙන් රෙකමන්ඩේශන් අරං. ව්‍යාපාරයක් කරනවනම් චෙක් ඕනෙ. ඒත් පිස්සුවෙන් වගේ චෙක් ලියලා අමාරුවෙ වැටෙන්න එපා. චෙක් එකක් රිටන් විම තමන්ට අවාසියි. ඊට වඩා චෙක් වංචා ඉතාම බරපතළයි. මම චෙක් වලින් ගනුදෙනු කලේ කොම්පියුටර් බඩු ගන්න. මට මාසයක් කල්දුන්නා wholesale බඩු දුන්න තැනින්. මම මාසෙන් රෝල් කරලා සල්ලි දැම්මා. පස්සෙ මම මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන්න ගත්තම චෙක් ගණුදෙනු අවම කලා. ඒ ෆීල්ඩ් එකේ ලාබ වැඩි නිසා. කලමණාකරණය පහසු වුණා. දැන් මම මගේ කොම්පැනියෙන් වත් චෙක් ලියන්නෙ ආදායම් බදු ගෙවන්න විතරයි. අපේ ගණුදෙනු කෑෂ් විතරයි. චෙක් හොදයි පරිස්සමෙන් කරන්න ඕනෙ. නිකම් චෙක් කොල අත්සන් කරලා තියන්න එපා. හිතවත් කමට අනුන්ට චෙක් කොල ඉරන්න එපා. ඒවා නරක වැඩ.
3. වියදම් ලිවීම.
මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. කාලයක් මමමේක කරා සැරට. ටොපියක් කැවත් අපි ලිව්වා. පොලේ යන්න ගිය ගාන. බයික් එකට ගහපු තෙල්, කාපු බීපුවා සියල්ල. මම සාක්කුවෙ පොඩි නෝට් බුක් එකක් තියන් එකක් නෑර වියදම් ලිව්වා. මෙහෙම මාස 3 ලියද්දී අපි අපේ සාමාන්‍ය මාසික වියදම සොයා ගන්න පුලුවන්. එහෙම කරලා අනවශ්‍ය වියදම් කපන්න පුලුවන්. ඒ කියන්නෙ නොකා , නොඇද ඉන්න එක නෙවෙයි. සතියට දෙපාරක් කඩෙන් නම් ඒක එකකට සීමා කරන්න. රයිස්,කොත්තු, ආප්ප කෑම අඩු කරලා ගෙදරින් කන්න පුරුදු වෙන්න. ටැක්සි ගමන් සීමා කරලා බස් එකේ යන්න. අනවශ්‍ය වියදම් හොයාලා අඩු කරන්න. ඒත් මම දැන් ලියන්නෙ නෑ. ලියලා වියදම් කරන්න අවශ්‍ය තත්වයක මම අද නෑ. හැබැයි මුල් කාලෙ තමන්ගෙ ආදායම් වියදම් ගැන දල අවබෝධයක් ගන්න මේ ක්‍රමය අතිශ්‍ය වැදගත් දරුවනේ..
මගේ සාර්ථක ඉතුරුම් ක්‍රමය. ❤💪
========================
========================
මම ඉතාම සරළ ක්‍රමයක් අනුගමනය කලා
ඒ තමයි මම ප්ලාස්ටික් Jar 4 ක් ගත්තා. ඒවා පහත ආකාරයට නම් කලා
1. ණය පියවීම් 💸
2. ව්‍යාපාර සංවර්ධන 💰
3. දිනපතා වියදම් 💸
4. ඉතුරුම් 💵
2. ව්‍යාපාර සංවර්ධන 💰
3. දිනපතා වියදම් 💸
4. ඉතුරුම් 💵
මෙහෙම බොක්ස් 4ක ලියලා මගේ බිස්නස් එකේ දිනපතා ආදායම එකතුව අරං 4 ට බෙද්දා. එතනින් මට ලෝන් වලට යන මුලු මුදල මාසිකව බලලා ඒක 30 න් බෙද්දා(මාසෙට දින 30 කියලා හිතලා) ඒ ගාන දැම්මා ණය පියවීම් පෙට්ටියට. 💪
බිස්නස් එකේ කොම්පියුටර් එකක් වික්කනම්, පෙන් එකක් වික්කනම් ඒවට මට යන කොස්ට් එක ව්‍යාපාර සංවර්ධන පෙට්ටියට දැම්මා. 💪
මාසෙ වියදම ලියලා දැනගත්ත නිසා ඒකට තව 5000/= එකතු කරලා 30 බෙදලා ඒ ගාන දැම්මා වියදම් බොක්ස් එකට. මේකෙ බිල් වියදම් පවා තිබ්බා.💪
ඉතිරි සියලූම මුදල් ඉතිරි කිරීම් පෙට්ටියට දැම්මා ❤❤
මෙහෙම කරද්දි මට ලස්සන්ට බිස්නස් එකේ කොස්ට් එක එකතු වුණා. කොස්ට් එක කලවං කරන් සල්ලි වියදම් කරලා බිස්නස් එක අනාගත්තෙ නෑ. වියදම් වලට ලස්සනට බජට් එකක් සෙට් වුණා. ඒ ගාන පන්නලා වියදම් කලේ නැ. ඉතිරි සියල්ල ඉතිරිකිරීමේ ගිණුමට බැර වුණ නිසා අසීමිතව ඉතිරි කලා. ❤😁🤭
සතිපතා මේ ඉතිරි මුදල් ගිණුම් ගත කලා. බැංකු පොත් දෙකක් රන් කලා. එකකට විතරයි කාඩ් ගත්තෙ. දෙකටම ඔන්ලයින් බෑන්ක් ලිංක් කලා. වියදම් ගිණුමෙනුත් ඉතුරු සල්ලි A ගිණුමට දැම්මා ඒක වියදම් කරන්න ඉතිරියක් විදියට. 💪 ඒකෙන් කෑවා බිව්වා. ජොලි කලා. B බැංකු ගිණුම එන්න එන්න වර්ධනය වුණා. ඒවයින් FD ලෝන් දැම්මා. ඉඩමක් ගත්තා. ඊට පස්සෙ වුණ දේවල් අද උදේ ලිව්වා. 🤭😂
ඒකත් කියවන්න. 👇
එහෙනම් අද පන්ති ඉවරයි. ආ කියන්න බැරිවුණා. ගිය සතියෙ ක්ලාස් එකේ නතර වුණ කෙල්ලෙක් වල් පල් කතා කරලා ගෙදර යද්දි රෑ 1.30 පහු. මම එයාව රෑ වුණ නිසා ස්මාර්ට් විදියකට ගෙදරට පරිස්සමෙන් ඇරලුවා. ඒ කියලා. ලබන පාඩමෙන් කියලා දෙන්නම්.
හැමෝටම සුභ රාත්‍රීයක්. පරිස්සමෙන් ගෙවල් වලට යන්න.
හැමෝටම සුභ රාත්‍රීයක්. පරිස්සමෙන් ගෙවල් වලට යන්න.
හැමෝම මේ කෝස් එක ඉවර වෙද්දි තමන්ගෙම බිස්නස් එකක් පටන් අරන් පට්ට කෑල්ලක් දාගන්න ඕනෙ. ඒ වගේම තමන් වෙනුවෙන් පතන් ආපු ඒ උරුමක්කාරිය සොයාගන්න ඕනෙ. ඒකට මං වගේ හදිස්සි වෙන්න එපා. ඉවසන්න. සැනසීම එතනයි
No comments:
Post a Comment