677717163024268_677717196357598 Gentlemens Zone: වතුර බෝතල් අළෙවිය

Sunday, June 23, 2019

වතුර බෝතල් අළෙවිය


වතුර බෝතල් අළෙවිය


ඔබ දන්නවාද පානීය 1000 ml ජල බෝතලයේ සදහන් මිල රු. 50 ක් වුවද එය තොග මිලට රුපියල් 14 ක් වැනි මිළකට ලබා ගත හැකි බව ? ඒ ඇසුරෙන් මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක්, රුපියල් පනස් දාහක් වත් වැය නොකර ඉපයිය හැකි බව ?
බස් නැවතුම් පොළක් අසල කඩ කාමරයක් ගන්න. එක්කෝ කුළියට ගන්න. නැත්නම් සල්ලි වලට ගන්න. නැත්නම් බස් නැවතුමක් ළග දන්නා හදුනන නිවසක ශීතරණයක් තබා, එහි තොග මිලට ජල බෝතල් ගෙන ඇසුරුම් කරන්න. එම නිවසට මාසිකව සුළු මුදලක් ලබා දෙන්න.
හොදට කතා කරන්න පුළුවන් මිනිසුන් දෙදෙනෙකු සොයා ගන්න. ශීත කළ වතුර බෝතල් එකක් රු. 50 බැගින් බස් රථ වල අළෙවි කළ හැක. එම පුද්ගලයින්ට දවසට රු. 1000 ක් හා අළෙවි කරන එක් බෝතලයකට රු. පහක් ගෙවන බව පවසන්න. එවිට ඔවුන් වැඩි වැඩියෙන් වතුර බෝතල් විකිණීමට පෙළඹේ.
එක් බෝතලයකින් ඔබට ලැබෙන ලාභය රු. 36 කි. කුඩා කගරයක වුවද දිනකට බෝතල් තුන් හාරසීයක් විකිණිය හැක. මධ්‍යම පුමාණයේ විශාල නගරයක නම් දිනකට වතුර බෝතල් පන්සීයක් හෝ දාහක් විකිණිය හැක. වතුර බෝතල් තුන්සීයක් වැනි අවම හා පහසුවෙන් විකිණිය හැකි සංඛ්‍යාවක් විකුණූ බව සිතන්න. එවිට දිනක ආදායම රු. 36 x 300 = 10,800 කි. සේවකයන් දෙදෙනා ට අනිවාර්ය මුදල දෙදාහක් හා බෝතලයකට රු. 5 බැගින් බෝතල් 3001500 කි. ඒ අනුව දිනක වියදම රු. 3,500 ක් වේ. දිනක ශුද්ධ ආදායම වූ රු. 10,800 න් එම රු. 3500 අඩු කළ විට, දිනක ශුද්ධ ආදායම රු. 7300 කි.
දින 30 ක් සදහා මෙම ආදායම ගණනය කළ හොත්, රු. 219,000 කි. සේවකයන් හට කරනු ලබන ගෙවීම් පුමාණවත් නොවේ යැයි සිතන්නේ නම් වතුර බෝතලයකට රු. 5 වෙනුවට 6 ක් හෝ 7 ක් ගෙවූවද, දිනකට වතුර බෝතල් 300 ක් අළෙවි කළ හොත් මාසිකව ලක්ෂ දෙකක් පහසුවෙන්ම ඉපයිය හැක. මූලිකව විශාල මුදලක් අවශ්‍ය නොවේ. බස්නැවතුමක් අසළ වෙළෙදසැලක් පවත්වාගෙන යන අයෙකුට පහසුවෙන්ම මෙවැන්නක් සිදු කළ හැක. ඉතා කුඩා නගරයක බස් නැවතුම් පොළක වුවච දිනකට වතුර බෝතල් 300 ක් අළෙවි කිරීම ඉතා පහසු කටයුත්තක් වීමත්, ඉතා කුඩා මුදලකින් එදිනෙදා අවශ්‍ය වතුර බෝතල් ලබා ගත හැකි වීමත් හේතුවෙන් මෙම ව්‍යාපාරය ඕනෑම අයෙකුට සිදු කළ හැක. අවශ්‍ය වන්නේ අළුත් අදහස් හා ධෛර්යය පමණි. මෙවැනි දෑ පිළිබදව බොහෝ දෙනෙකු සිතන්නේ නැත.
ඇතැම් නගර වල බස්නැවතුම් පළවල් වල වෙළෙදාම් කරන විට ඒ සදහා නගර සභාවෙන් අවසර ගත යුතුය. එවැනි නගරයක නම් අවසර ගෙන හැදුනුම්පතක් ලබා ගෙන එය පැළදිය යුතුය. බොහෝ නගර වල එවැන්නක් අවශ්‍ය නොවේ.
ඇතැම් නගර වල මෙම ව්‍යාපාරය දැනටමත් සිදු කරන අතර, ඔබ එවැන්නකට යොමු වුව හොත් ඔවුන්ගෙන් විරෝධතාවයත් එල්ල වීමට යම් ඉඩක් ඇත. එවිට එය සමනය කරගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. එක් එක් නගර වල එම කටයුත්ත සදහා අවශ්‍ය වන උපකුම වෙනස් වේ. එය අවස්ථාව හා ස්ථානය අනුව තීරණය කළ යුත්තකි. එසේ නොහැකි නම් එවන් වෙළෙදාමක් සිදු නොවන ස්ථානයක් තරමක් දුරින් වුවද තෝරා ගත හැකිය.
දිනකට වතුර බෝතල් පන්සීයකට වඩා අළෙවි කළ හොත්, මාසිකව රුපියල් ලක්ෂ තුනහමාරත් හතරත් අතර මුදලක් ඉපයීම ඉතාමත් සුළු කටයුත්තකි.
වැසි දින වල දී අළෙවියේ යම් අඩුවක් සිදු විය හැක. නමුත් රජයේ රැකියාවක වැටුපට වඩා කිසිදු මාසයක ඔබේ ආදායම අඩු නොවනු ඇත. කල් යාමේදී වතුර බෝතල් එකවර අති විශාල තොගයක් මිලට ගත හැකි තත්වයට පත් වීමට හැකියාව ඔබට ලැබේ. ඔබේම ලොරියක සවි කරගත් ශීතකරණයක බස්නැවතුම දක්වා සේවකයන්ද සමග ගෙන ගොස් මෙම ව්‍යාපාරය කරන තත්ත්වය දක්වා මෙය වර්ධනය කර ගත හැක. කිසිවෙකුත් ඔබ එම ව්‍යාපාරය මෙහෙයවන බව දන්නේද නැත. දැනගන්නට අවශ්‍ය ද නැත. නමුත් ඔබ මසකට ලක්ෂ තුන හතරක් උපයයි. එවිට, ඕකා කුඩු විකුනනවද මන්දා; ඔච්චර සල්ලි තියෙන්නෙ? යනුවෙන් ඔබේම යහළුවන් පවසන දිනයක් එනු ඇත. මෙවැනි දෑ සිදු කරන මිනිසුන් ඕනෑ තරම් සිටින අතර, ඔවුන්ට අසල්වැසියන් ඉහත කී ආකාරයේ දෑ කියනු, මා පෞද්ගලිකවම අසා ඇත. නිර්මාණශීලී චින්තනයක් නැත්තවුන් එවැන්නක් ඇත්තවුන්ට එසේ අපහාස කිරීම සාමාන්‍ය දෙයකි. ඒවා ගණන් ගත යුතු නැත. අවශ්‍ය වන්නේ ඔබ අවට ඇති, ඔබ අවට සිදු වන දෑස දෙයක්ම හා සෑම සිදුවීමක්ම දෙස ආර්ථික කෝණයකික් බැලීමට පුරුදු වීමය.
ඔබ, බස් නැවතුමකින් වතුර බෝතල් මිලට ගෙන කොතරම් නම් බොන්නට ඇද්ද? නමුත් එය පිළිබදව ව්‍යාපාරික ස්වරූපයෙන් ගැඹුරින් සිතුවාද ?
බොහෝ විට පිළිතුර "නැත" යන්න වේ. අදින් පසුව මෙවැනි දෑ කොතරම් ඔබ අවට තිබේ දැයි සිතා බලන්න. බෝම්බ බිය නිසා මේ දිනවල සියළු පාර්සල් දෙස බෝමිබයක් යැයි උපකල්පනය කරමින් සිතනවා මෙන්, අදින් පසුව මිය යන තුරුම, සෑම සිදුවීමක්ම ආර්ථික කෝණයකින් දකින්න උත්සාහ කරන්න.


No comments:

Post a Comment