◾ස්මාර්ට් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙමු.
කොහොමද කොල්ලනේ.. මම දඩිබිඩියේ වැඩ. හදිසියෙ පොඩි බඩු වගයක් මදිවෙලා දිව්වා හන්දියට. ඔලුවෙ දාහක් දෙ තියාගෙන කොළඹ වාහනේ අරං යනවා කියන්නෙ හොදි ඕනෙ නෑ. මම මේ කියන්නෙ මම කරන ට්‍රික් එකක් ගැන. ඇත්තටම ඒක සාමූහිකව බැලුවම මට පැති කීපයකින් වාසී. මේ කියන්නෙ ටැක්සි ඇප් එකක් ගැන. ඇඩ් එකක් වෙන නිසා නමක් කියන්න බෑ.. කවුරුත් දන්න ප්‍රසිද්ධම සමාගම් දෙකෙන් එකක්. 😁
වාසි!
◾තමන්ගෙ වාහනේ ට්‍රැෆික් දාලා අන්නගෙන තුවාල කරගන්න ඕනෙ නෑ..
◾පාරෙ පිස්සු කෙලින ඩ්‍රයිවර්ස් ලා එක්ක මරාගන්න ඕනෙ නෑ..
◾ඩ්‍රයිවර් කෙනෙක් පඩියට තියාගන්නවා කියන්නෙ ඉන්න කන්න බොන්න දීලා මාසෙට 35/40 දෙන්න ඕනෙ. ඒකත් අදකාලෙ මදි. අනික එන උන් මොන ගේම දීලා යයිද ශුවර් නෑ..
◾එක එක වෙලාවට එක එක වාහන වල නිසා තමන්ගෙ පෞද්ගලික ආරක්ෂාව සුරක්ෂිතයි. 

මේක උඹලට වාසිවෙන්නෙ කොහොමද හිතපං උඹ කෙල්ල එක්ක ඩිනර් අවුට් එකකට යනවා.
"සෑර් කිව්වෙ ගෑනුන්ට දත් පාර ගලවන්න දෙන්න එපා කියලා නේද?"
පන්ඩිත කොල්ලෙක් එහෙම අහපි. 🤣🤣
යකෝ එහෙම නෙවෙයි ඉදලා හිටලා කෙල්ල අරං පොඩි සවාරියක් දාපං. ටිකක් වියදම් කරපං. උඹේ එකීනෙ. උනුත් ආසයි අස්සයෙක් පිටේ නැගලා රවුමක් දාන්න. ප්ලීස් තේරුම් ගන්න. ඒවට කියන්නෙ දත් කියලා නෙවෙයි. ඒවා මිනිහෙක්ගෙ යුතුකම්. කුණු ලෝබයෙක් වෙලා කෙල්ලෙක් එක්ක ජීවිත් වෙන්න බෑ. රටේ ලෝකෙ ඇවිද්දපං ලයිෆ් එක ටච් කරවපං. නැත්තම් සල්ලිකාර ආදෙක් කෙල්ල උස්සනවා. 😃
ඉතිං කාලෙකට සැරයක් ඔහොම රවුමක් යද්දි හැමදාම බස් එකේ පෙම් මුල්ලෙ යන්නෙ නැතුව වෙනසකට එක්ක VIP රයිඩ් එකක් දෙන විදිය ගැන මම කියන්නෙ. කරලා බලන්න. ලොකු ගනන් යන්නෙ නෑ. උඹ හිතපං උබලා ඉන්නෙ මහරගම. ලග යන්න නියම තැන දියත උයන. ඒකෙ දියත ස්ටේශන් එක හවසට මරු. ඇවිදින්න දියත වටෙත් ඕනෑතරම් තැන් තියනවා. එහා පැත්තෙ waters edge එකත් නියමයි. ඕවට යන්න බය වෙන්න එපා. සාමාන්‍ය තැන්ම තමයි. මම කියලා දෙන්නම් ඒවයි ගිහිං ජාමෙ බේරං ඉන්න කන්න ඕනෙ හැටි. ඕඩර් කරන විදි. ලොකු ගනන් අච්චු නොකරගෙන රොමෑන්ටික් විදියට ලව් කරන විදිය.
හරි ඔන්න උඹ ඉස්සෙල්ලාම ගූගල් ප්ලේ ස්ටෝර් එකෙන් අපේ ටැක්සි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේකට සල්ලි යන්නෙ නෑ.. ඊට පස්සෙ ඒකෙ රෙජිස්ටර් වෙන්න ඕනෙ. ඊලගට යන්න ඕනෙ තැන සර්ච් කරන්න පුලුවන්.
Diyatha Uyana කියලා සර්ච් කරා කියලා හිතන්නකො. උඹට පෙන්නනවා කැටගරි 2 ක්.
Diyatha Uyana කියලා සර්ච් කරා කියලා හිතන්නකො. උඹට පෙන්නනවා කැටගරි 2 ක්.
1. ටුක් ටුක් (ත්‍රී වීල්)
අපෝ මේකනම් එපා. කෙල්ල දාන් ත්‍රීවීල් ගානෙ යන්නෙ ඒකි බඩුවක් කරන්නද? මැට්ටො 🤣
උඹට හදිසි පොඩි මොනහරි ගේන්න මේක ලාබයි. ගානත් මුලින්ම පෙන්නන නිසා වීල් කාරයට දත පන්නන බෑ..
අපෝ මේකනම් එපා. කෙල්ල දාන් ත්‍රීවීල් ගානෙ යන්නෙ ඒකි බඩුවක් කරන්නද? මැට්ටො 🤣
උඹට හදිසි පොඩි මොනහරි ගේන්න මේක ලාබයි. ගානත් මුලින්ම පෙන්නන නිසා වීල් කාරයට දත පන්නන බෑ..
දියතට මේකෙ ගාන මහරගම සිට 375/= වගේ..
2. නැනෝ, ඇල්ටො, වැගන් R වගේ සාමාන්‍ය කාර් එන කැටගරි එක.
මේක තමයි මම සාමාන්‍ය ගමන් යන්නෙ. මේක මරු. රුපියල් 420/= වගෙ වෙයි. තමන්ගෙ වාහනේ වගේ ආරක්ෂාව සහිතව යන්න පුලුවන් ජෝඩුවට. අනික මේවයි ටැක්සි කියලා හෝ සමාගම් නම් නෑ. ඉතිං ඔයාගෙ වාහනේ කියලයි දකින එකා දකින්නෙ. අදාලම නෑ.. 😃
3. Aqua , Honda Fit, Civic, Prius කැටගරි
මේක ටිකක් විතර ගනන්. ඒත් සැප පහසු වාහන සහ වෘත්තීය මට්ටමේ රියදුරන් මේවයි එනවා. 550/= වගේ වෙයි.
4. VIP
හොදම වාහන. මේවයි නම් යන්න ඕනෙ නෑ. කොළඹ තදාසන්න හයි ක්ලාස් පැති ටිකේ හැර මේ වාහන නෑ. ඒවත් තව රුපියල් 20/= වගේ වැඩ කරයි. හයර් අනුව මේ ඕනම වාහනයක් ඔයාට ඊට පහල ලෙවල් එකට පවා ගන්න පුලුවන්.
අතිරේක වාසි.
රියදුරා සම්බන්ධයෙන් තොරතුරු වාහනයට ඇතුලුවීම ට පෙර බලන්න පුලුවන්. රේටින් බලලා ගන්න. අඩු රේට් අය එක්ක යන්න එපා.
මමනම් යන්නෙ 4.5 වලින් එහා අය එක්ක විතරයි.
මමනම් යන්නෙ 4.5 වලින් එහා අය එක්ක විතරයි.
සැලකියයුතු දේ..
මේවගෙ යද්දි ප්‍රියමනාපව සුහදශීලී ව යන්න. ඔවුන් ඔබට මිත්රශීලීව සර් මහත්තයා ලෙස කතාකරනු ඇත. ලොකු සීන් නොදමන්න. මනුස්සකම පතුරන්න. ඇත්තටම ටැක්සි ඇප් ලාබ පාරිභෝගිකයන් ට. ඒ නිසා කීයක් හරි වැඩිපුර දෙන්න. ට්‍රිප් එක ඉවර වෙලා මතක ඇතුව රේටින් කරන්න. 🌟🌟🌟🌟🌟
පාරිභෝගිකයන් සූරාකන ත්‍රීරෝද රථ සහ අනෙක් කැබ් සේවා මාෆියා වෙනුවට අපේ රටට පැමින තිබෙන මෙම සේවා ඉතාමත් ප්‍රයොජනවන් වන බව කිව යුතුය. විශේෂයෙන් ඔබේ වටිනා යමක් වාහනයක් තුල අමතක වුවත් පහසුවෙන් ලබාගන්න පුලුවන්. ඔවුන් ඉතා වෘත්තීමය ලෙස කටයුතු කරනවා.
නිකමට ඔය දුර මීටර් ටැක්සියකින් ගිහිං බලන්න හයර් එක 600/=වගේ වෙයි. සාමාන්‍ය ත්‍රීවීල් එකක් ඊටත් වඩා ඉල්ලයි. 🤣 පිලිවෙලකට අදාල තැනට බැහැලා. කෙල්ල එක්ක ඇවිදලා කතා බහ කරලා රිලැක්ස් වෙලා බලන්න. රූම් එකකට රිංගලා කරන පොදු දේට වඩා ජීවිතේ වෙනසක් දැනේවි. ආදරෙත් ශක්තිමත් වේවි. කෑල්ල දත් පන්නනවද කියලත් බලන්න පුලුවන්.
Gentlemens Zone
Gentlemens Zone
patta ... okkoma kiyeww digaatma continue karann mchn
ReplyDelete